×

ඇමරිකානු රාජ්‍ය ලේකම් චීනයට එද්දී මෝදි ඇමරිකාවට

දේශගුණික විපර්යාස, කෘතිම බුද්ධියට සම්බන්ධ බාධා කිරීම් සහ ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ වර්ධනය වන බලය ඇතුළු කරුණු රාශියක් පිළිබඳව මෙම සංචාරයේදී සාකච්ඡා කරනු ඇත.


ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි අගමැති ධුරයට පත්වීමෙන් අනතුරුව සිය පළමු සංචාරය ලෙස ඇමරික් රක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හමුවීමටත් කොන්ග්‍රසය ඇමතීමටත් සූදානම් වන බව වාර්තා වේ. මෙය සිදුවන්නේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ චීන සංචාරයෙන් දින කිහිපයකට පසුවය.

මෙමඟින් දෙරට අතර වෙළඳාම, වාණිජ්‍යය, නවෝත්පාදනයන්, තාක්‍ෂණය සහ වෙනත් එවැනි ක්ෂේත්‍ර පුළුල් කිරීම අපේක්ෂා කෙරන අතර දේශගුණික විපර්යාස, කෘතිම බුද්ධියට සම්බන්ධ බාධා කිරීම් සහ ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ වර්ධනය වන බලය ඇතුළු කරුණු රාශියක් පිළිබඳව මෙම සංචාරයේදී සාකච්ඡා කරනු ඇත.

මෝදිගේ නිල සංචාරය එළැඹෙන බ්‍රහස්පතින්දා(22) ඇරඹෙන අතර එහිදී ඇමරිකා එක්සත් ජනපද පනාධිපති ජෝ බයිඩන් සමඟ ඕවල් කාර්යාල රැස්වීමකින් අනතුරව කොන්ග්‍රසයේ ඒකාබද්ධ රැස්වීමක් ඇමතීමට නියමිත වේ. ඉන් අනතුරුව බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බිඩෙන් විසින් පවත්වන ලද ධවල මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයනට සම්බන්ධ වන ඉන්දීය අගමැතිවරයා සිකුරාදා, උප ජනාධිපති කමලා හැරිස් සහ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුව දිවා භෝජන සංග්‍රහයේදී මෝඩිට ගෞරව කරනු ලබයි. මෝදි වොෂින්ටනය හැර යාමට පෙර ඉන්දියානු ඩයස්පෝරාවේ සාමාජිකයින් ඇමතීමට නියමිතය.

ඉන්දියාවේ ANI ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, මෝදි සංචාරය අතරතුර අනෙකුත් ව්‍යාපාරික නායකයින් අතර ට්විටර් හිමිකරු වන ටෙස්ලාගේ එලොන් මස්ක් ද හමුවනු ඇති බවයි. ඉන් අනතරුව ඉන්දීය නායකයා සෙනසුරාදා සිට දෙදින සංචාරයක් සඳහා එක්සත් ජනපදයේ සිට ඊජිප්තුව බලා පිටත්ව යනු ඇත.

මෙම සංචාරය අනාවරණය වීමත් සමඟ හියුමන් රයිට්ස් වොච් හි ආසියා අධ්‍යක්ෂ ඉලේන් පියර්සන් ලිපියක් මඟින් ජෝ බයිඩන්ගෙන් ඉල්ලා තිබුණේ ඉන්දියාවේ වඩාත් නරක අතට හැරෙන මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් මෝදිගෙන් විමසන ලෙසයි. ඇය විසින් මෝදිගේ පැමිණීමට සමගාමීව 1000කට අධික පිරිසක් මිය ගිය 2002 ඇති වූ මුස්ලිම් විරෝධී කෝලාහල අතරතුර ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස මෝඩිගේ ක්‍රියාකලාපය අළලා bbcවිසින් නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටය වොෂින්ටනයේ ප්‍රදර්ශනය කිරීමටද සූදානම් කර ඇත.

මේ සම්බන්ධයෙන් 2005 වසරේදී වොෂින්ටනය ගුජරාට් ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට මෝදි ක්‍රියා නොකළ බව සඳහන් කරමින්, මෝඩිගේ එක්සත් ජනපදයට වීසා බලපත්‍රය අවලංගු කරන ලද අතර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලද පරීක්ෂණයකින් පසුව මෝදි නිදහස් කරන ලද නමුත් අඳුරු මොහොතෙහි පැල්ලම නොනැසී පවතී.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි