×

ඉන්දියාවේ උද්‍යාන නගරය සිඳී යයි; මිලියන 14 කට ආසන්න පදිංචිකරුවන් සඳහා ජලය 50%කින් අඩු වේ

විශේෂඥයින් අනතුරු අඟවන්නේ නගරයේ සැලසුම් නොකළ නාගරික වර්ධනය, වේගවත් වන විනාශය සහ පවතින දේශගුණික අර්බුද ජල හිගයට හේතු වන්නට ඇති බවයි.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 15,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ උද්‍යාන නගරය වන බැංගලෝරයේ ජල මුලාශ්‍ර සිඳී යාමත් සමඟ මිලියන 14කට ආසන්න පදිංචිකරුවන් සඳහා ජලය 50% කින් පමණ පහත වැටී ඇති බව නගරයේ ජල සම්පාදන හා අපද්‍රව්‍ය මණ්ඩලයේ සභාපති වී. රාම් ප්‍රසාද් මනෝහර් ප්‍රකාශ කර තිබේ.

නගරයේ ජලයෙන් 70% කට වඩා පැමිණෙන්නේ දකුණු කර්නාටක ප්‍රාන්තය හරහා ගලා යන ප්‍රධාන ජල මාර්ගයක් වන කාවේරි ගඟෙනි. තවත් මිලියන තුනහමාරක ජනතාවක් භූගත ජලය මත රඳා පවතියි. නගරයේ ඇති ළිං 16,000 න් 7,000 ක් පමණ මේ වන විට සිඳී ගොස් ඇති අතර රජය විසින් ජලය සති දෙකකට වරක් ලබා දෙන බව වාර්තා වේ.

රජය විසින් නිවැසියන්ට ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස උපදෙස් දී තිබේ.

ඉන්දියාවේ “සිලිකන් නිම්නය” ලෙසින් හැඳින්වෙන සහ Infosys සහ Wipro වැනි යෝධ බහුජාතික සමාගම්වල නිවහන වන බැංගලෝරය 1990 ගනන්වල මුල් භාගයේ සිට, බෙංගාලෝරය ශීඝ්‍ර නාගරීකරණයකට ලක්ව ඇත, එය ප්‍රධාන තාක්ෂණික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය විය.

වනාන්තර කපා මිලියන 4ක් පමණ වූ නගරය එම ප්‍රමාණයෙන් තුන් ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් නිවාස ඉදි කරලා ලදී. මේ සම්බන්ධයෙන් විශේෂඥයින් අනතුරු අඟවන්නේ නගරයේ සැලසුම් නොකළ නාගරික වර්ධනය, වේගවත් වන විනාශය සහ පවතින දේශගුණික අර්බුද ජල හිගයට හේතු වන්නට ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි