×

තමිල්නාඩුවට අධික වැසි සමඟ ගංවතුර

විශාල පිරිසක් අවතැන්ව ඇත.


මේ වන විට දකුණු ඉන්දියාවට ලැබෙන අධික මෝසම් වර්ෂාව හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය ඉරිදා(17) සිට සඳුදා(18) දක්වා ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවලට මිලිමීටර් 400 (අඟල් 15.7) ට වඩා වැඩි වර්ෂාපතනයක් ඇද හැලුණු අතර තවදුරටත් තද වැසි ඇති විය හැකි බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (MET) පුරෝකථනය කර තිබේ. එය සාමාන්‍යයෙන් තමිල්නාඩුවට වසරකට ලැබෙන වර්ෂා ප්‍රමාණයෙන් අඩකට ආසන්නය.

හදිසි සහන කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් සිටින අතර අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් විනාශවී ඇති අතර විශාල පිරිසක් අවතැන්ව ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි