×

ආක්‍රමණශීලී ගිනි කුහුඹුවන් ඔස්‍ට්‍රේලියාවට කරදරයක් වෙයි!

මෙම ගිනි කුහුඹු විශේෂය ලොව වඩාත් මාරාන්තික මෙන්ම ආක්‍රමණශීලී කුහුඹු විශේෂයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 17 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ ජලය මත ගිනි කුහුඹුවන් (Fire ants) පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ දිනවල ගංවතුරට මුහුණ දී සිටින ඕස්ට්‍රේලියානු ජනතාව මේ හේතුවෙන් මහත් පීඩාවට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගිනි කුහුඹු විශේෂය ලොව වඩාත් මාරාන්තික මෙන්ම ආක්‍රමණශීලී කුහුඹු විශේෂයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනි කුහුඹුවන් දේශීය ශාක හා සතුන් ආහාරයට ගැනීමෙන් විශාල පරිසර පද්ධති වෙනස්කම් සහ කෘෂිකාර්මික පාඩු ඇති කළ හැකි සත්ත්ව විශේෂයක් ලෙසද සඳහන්වේ.

පරිසරවේදීන් සහ සෞඛ්‍යවේදීන් පෙන්වා දෙන්නේ, එමෙන්ම ගිනි කුහුම්බුවෙක් දෂ්ට කිරීමෙන් පසු මිනිසුන් මියයන බවයි.

ගංවතුරත් සමග ගිනි කුහුඹු ඝනත්වය වැඩි වෙමින් පවතින බව The Invasive Species Council පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි