×

කාන්තාවන්ට නිදහස දෙන්නෑ දෙන්නෑ දෙන්නෑ මයි! – ඉරානය

කාන්තාවන්ට නිදහස දෙන්නෑ දෙන්නෑ දෙන්නෑ මයි! - ඉරානය


මේ අතර ඉරානයේ දැඩි ඉස්ලාමීය නීතියට අනුව හිස සහ මුහුණු වැස්මකින් වසා නොගත් කාන්තාවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉරාන බලධාරීන් ප්‍රසිද්ධ ස්ථානවල කැමරා සවි කිරීම ආරම්භ කර ඇති බව ඉරාන පොලිසිය නිවේදනය කරයි.

පළමු වරට මෙවැනි වැරදි කරන අයට කෙටි පණිවුඩ හරහා අනතුරු ඇඟවීම් ලැබෙනු ඇතැයි ද පොලීසිය පවසයි.

ඔබට මතක ඇති මාහ්සා අමීනිගේ කතාව! තරුණ ගැහැණු ළමයෙකුව සිටි ඈ හිජාබ් නීතියට පිටුපෑම සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගෙන පොලිස් අත්අඩංගුවේ සිටිය දී මරණයට පත් විය. ඇඳුමක් නිසා ජීවිතයක් නැති කරන්න, නැති වෙන්න තරම්ම මේ නීතිය සාධාරණ ද?

එපමණක් නොව හිජාබ් නීතියට එරෙහිව ඉරානය පුරා මහජන විරෝධතා ද මෙම සිද්ධීන් හමුවේ ඇති විය. එකිනෙකාගේ ආගම් ජාති අනුව වෙන් වෙන් වූවශයෙන් නීති තිබුණ ද ඒ හැමෝම මිනිසුන් යන සංකල්පය ඔළු වලට කා වද්දමින් වරදට සමාව දීම දේව ගතියක් වැරදි කිරීම මිනිස් ගතියක් යැයි සිතීමඋචිත ය.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි