×

න්‍යෂ්ඨික ගිවිසුම රැක ගැනීමට ඉරානයෙන් ඇමරිකාවට කොළ එළියක්!

ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා 2018 වර්ෂයේදී ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට කටයුතු කළ අතර, ඉරානයට එරෙහි දැඩි හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කළේය.


ඉරාන න්‍යෂ්ඨික ගිවිසුම ආරක්ෂා කර ගැනීමේ පළමු පියවර ගැනීම එක්සත් ජනපදය සතු කාර්යභාරයක් බව ජිනීවාහි ඉරාන තානාපති ඉස්මයිල් බඝයි හමනෙ මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව පවසා තිබෙන්නේ අද (24) දින එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් පැවති නිරායුධකරණය සම්බන්ධ සමුළුවකට සහභාගී වෙමිනි.

සිදුවූ හානි වලට වන්දි ගෙවීමත්, නතර වූ දෑ යළි ආරම්භ කිරීමත්, එය යළිත් අවලංගු නොකරන බවටත් සහතික කිරීමේ වගකීම පැවරෙන්නේ වරදකාර පාර්ශවයට බවට ඔහු අවධාරණය කර තිබේ.

එමෙන්ම, ඉරාන විදේශ අමාත්‍ය මොහමඩ් ජාවඩ් සරීෆ් පෙන්වා දී ඇති පරිදි තාර්කික අනුපිළිවෙලක් සහිත ක්‍රියාදාමයක් අප ඉදිරියේ තිබෙන බවද ඔහු සිහපත් කළේය.

ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා 2018 වර්ෂයේදී ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට කටයුතු කළ අතර, ඉරානයට එරෙහි දැඩි හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කළේය.

එහි උච්ඡතම අවස්ථාවක් වූයේ ඉරාන හමුදා ජනරාල්වරයකු වන කසීම් සොලෙයිමානි ඇමරිකානු හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්වීමයි.

ජෝ් බයිඩන් මහතා ජනාධිපතිධුරයට පත්වූ පසු දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවත්, නැවතත් ඉරාන ගිවිසුම හා එළඹි යුතු බවත් පෙන්වා දී තිබිණි.

මේ අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ඉකුතු සඳු දින අවධාරණය කළේ ඉරාන න්‍යෂ්ඨික ගිවිසුම ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම, බයිඩන් පරිපාලනය විසින් ඉරානයේ අස්ථාවර කලාපීය හැසිරීම සහ බැලිස්ටික් මිසයිල නිශ්පාදනය කිරීම පිළිබඳව ද අවධානයෙන් පසුවන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, මීට ඉහතදී ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමෙනි විසින් විසින් අවධාරණය කර තිබෙන්නේ එරට 60% ක සංශුද්ධ යුරේනියම් නිස්සාරණය කිරීම ට වූවද හැකි බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි