×

අරගල කරන හැටි ඉරාණයේ කාන්තාවන්ගෙන් ඉගෙන ගන්න ; සදාචාර පොලිසිය විසුරුවා හැරීමට සූදානම් -නීතිපති

මෙය මහ්සා අමේනිගේ මරණය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා ඉරාණයේ කාන්තාවන් ආරම්භ කළ විරෝධතාවයේ සැබෑ ජයග්‍රහණයක් වේ.


ඉරානයේ ඉස්ලාමීය චර්යාධර්ම සංග්‍රහය බලාත්මක කිරීමට පැවරී ඇති ප්‍රධාන ආයතනය වන සදාචාර පොලීසිය විසුරවා හරින බවට එරට නීතිපතිවරයා මෙහොමඩ් ජෆාර් මොන්ටාසොරි විසින් ඊයේ (04)වන දින පැවැති උත්සවයකදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

නමුත් මෙම අදදහස අනෙකුත් ආයතන විසින් තහවුරු කර නොමැතිමුත් මෙය මහ්සා අමේනිගේ මරණය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා ඉරාණයේ කාන්තාවන් ආරම්භ කළ විරෝධතාවයේ සැබෑ ජයග්‍රහණයක් වේ.


නීතිපතිවරයා මෙහිදී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබුණේ හිජාබය හා කාන්තා ඇඳුම් පැළඳුම් පිළිබඳ පවතින නීති පිළිබඳ නැවත සලකා බලන ලෙසයි.


සදාචාර පොලිසිය වසා දැමුවද දශක ගණනාවක් පැරණි නීතිය වෙනස් කරන බව මින් අදහස් නොවේ. මේ සමබන්ධයෙන් විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබුණේ විරෝධතා තමන් සතු දෙයක් බවත් සදාචාර පොලිසිය ඉවත් කිරීම සහනයක්වන මුත් එය විරෝධතාවයන් නැවැත්වීමට ප්‍රමාණවත් නොවන බවයි.


ඉරාණයේ කාන්තාවන් විසින් ආරම්භ කරන ලද මෙම විරෝධතා වසර ගණනාවක පුරා වල් වැදීගිය නීතියකින් පීඩා විඳි ඔවුන්ගේ නිදහසේ හඬ විය. ඔවුන් දරිද්‍රතාවය, විරැකියාව, අසමානතාවය, අයුක්තිය සහ දූෂණය වෙනුවෙන් හඬ අවදි කරමින් අවසානයේ නිදහස ඉල්ලා සිටින්නට විය. ආරක්ෂක අංශයන්ගේ දැඩි මර්දනය හමුවේ පවා ඔවුන් නොවැටී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නට විය.


හිජාබයෙන් ඇරඹි විරෝධතාවය වෙනුවෙන් විවිධ කණ්ඩායම් එක්ව ඇති අතර ඔවුන් මේ වන විට ඒකාධිපතියාගේ මරණය හරහා පාලනයේ වෙනසක් අපේක්ෂා කරයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි