×

අභිරහසක් ඉතිරි කර ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂ සහ බිරිඳ අවසන් ගමන් යයි

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): සුප්‍රසිද්ධ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂ Dariush Mehrjui සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ නිවසේදී පිහි ඇනුමකින් ඝාතනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය විසින් වාර්තා වන අන්දමට, නිල IRNA පුවත් ඒජන්සියට අනුව, අධිකරණ නිලධාරියෙකු වන Hossein Fazeli පැවසුවේ Mehrjhi සහ ඔහුගේ බිරිඳ Vahideh Mohammadifar ගෙලෙහි පිහි […]


සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සුප්‍රසිද්ධ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂ Dariush Mehrjui සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ නිවසේදී පිහි ඇනුමකින් ඝාතනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය විසින් වාර්තා වන අන්දමට, නිල IRNA පුවත් ඒජන්සියට අනුව, අධිකරණ නිලධාරියෙකු වන Hossein Fazeli පැවසුවේ Mehrjhi සහ ඔහුගේ බිරිඳ Vahideh Mohammadifar ගෙලෙහි පිහි තුවාල සහිතව මියගොස් ඇති බවයි.

Dariush Mehrjui සම්මාන රැසකට පාත්‍ර වූ අධ්‍යක්ෂවරයෙකු වන අතර සිනමා ජීවිතයට අමතරව ඔහු භාෂා පරිවර්තකයෙකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධ්‍යක්ෂවරයාගේ දියණිය වන මෝනා මෙර්ජුයි, ටෙහෙරාන් අගනුවරට බටහිර දෙසින් කිලෝමීටර් 30ක් (සැතපුම් 19ක්) පමණ දුරින් පිහිටි තදාසන්න ප්‍රදේශයක පිහිටි නිවසේ සෙනසුරාදා රාත්‍රියේ තම පියා බැලීමට ගිය අවස්ථාවේදී මළ සිරුරු සොයාගත් බව වාර්තා වේ.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය විසින් වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි