×

නාසි කඳවුරක සිදු වූ ඝාතන 10,505 කට නපුරේ ලේකම්වරිය වරදකරු වේ

මිනීමැරුම්, කුසගින්න, වසංගත, ම්ලේච්ඡ හා බලහත්කාරයෙන් ඉවත් කිරීම් සහ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම හේතුවෙන් ස්ටට්තොෆ් ගාල් කඳවුරේ සිරකරුවන් 63,000 ත් 65,000 ත් අතර සංඛ්‍යාවක් මිය ගිය බව ගණන් බලා ඇත.


ජර්මනියේ Stutthof නාසි ඝාතන කඳවුරක සේවය කරන ලදැයි සැළකෙන 97 හැවිරිදි Irmgard Furchner හෙවත් ජර්මානු මාධ්‍ය විසින් නපුරේ ලේකම්වරිය ලෙස හඳුන්වන තැනැත්තිය ජර්මනියේ උතුරු නගරයේ ඉට්සෙහෝ හි අධිකරණය විසින් වරදකරු බවට පත්කරන ලද පුවතක් වාර්තා වේ.

මෙම කඳවුරෙහි සිදු කරන ලදැයි සැලකෙන ක්‍රමානුකූල මිනීමැරුම් 10,505ක් හා මිනීමැරීමට තැත් කිරීම් 5 ක් සඳහා සහායකයෙකු වීම හේතුවෙන් Irmgard Furchner හට මෙලෙස වසර දෙකක අත්හිටවූ සිර දඬුවමක් නියම කරන ලද බව වාර්තා වේ.

පසුගිය මාස 14ක කාලය තුළ සිදු කළ නඩු විභාගවලදී නිශ්ශබ්දව සිටි Irmgard Furchner අද(20) දින නඩු තීන්දුව ලබා දීමෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ, සිදු වූ දෙය ගැන තමා කණගාටු වන බවත්, ඒ වන විට තමා Stutthof හි සිටි බවත්, තමාට කීමට කිසිවක් ඉතිරිව නොමැති බවත්, තමා මේ පිළිබඳව පසුතැවීමට ලක්වන බවත්ය.

මෙම කඳවුර ජර්මනියේ Danzig නගරයට නැගෙනහිරින් Stutthof ගම්මානය අසල දෙවන ලෝක සංග්‍රාමයේදී පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් පසු මුල්කාලයේ පෝලන්ත නායකයින් සහ බුද්ධිමතුන් සිරගත කිරීම සඳහා භාවිතා කරන ලද හුදකලා, වගුරු බිම් සහ වනාන්තර ප්‍රදේශයක පිහිටුවන ලද්දකි. මෙය 1939 සැප්තැම්බර් 2 සිට ක්‍රියාත්මක වන ලද්දකි. එය මිත්‍ර පාක්ෂිකයින් විසින් 1945 මැයි 9 වන දින නිදහස් කරන ලද අවසාන කඳවුර ද විය.

මිනීමැරුම්, කුසගින්න, වසංගත, ම්ලේච්ඡ හා බලහත්කාරයෙන් ඉවත් කිරීම් සහ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම හේතුවෙන් ස්ටට්තොෆ් ගාල් කඳවුරේ සිරකරුවන් 63,000 ත් 65,000 ත් අතර සංඛ්‍යාවක් මිය ගිය බව ගණන් බලා ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි