×

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් නව දෙනෙකු මරුට

පලස්තීන සෞඛ්‍ය ඇමති මායි අල්-කයිලා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ජෙනීන්හි සරණාගත කඳවුරතුළ ජල සැපයුමට හා විදුලි ජාලයට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් හානි සිදුව ඇති බවත් එමඟින් සරණාගතයින්ගේ ජීවිතය වඩාත් දුෂ්කරව ඇති බවයි.


ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් සිය ගනනක් විසින් ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් ප්‍රහාර දියත් කරමින් විශාල මිලීටරි මෙහෙයුමක් ජෙනීන්හි ක්‍රියාත්මක කිරීම හේතුවේ අවම වශයෙන් පලස්තීනුවන් නව දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමය විසින් තුවාලකරුවන් ආරක්ෂිතව රෝහල්ගත කිරීමට වෙනත් මාර්ගයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ විශේෂ නියෝජිත Sven Koopmans ජෙනීන්හි තත්වය විශාල පිපිරීමක් ඇති කර ඇති අතර සිවිල් ජීවිතය ආරක්ෂා කිරීමට සහ මානුෂීය නීතියට ගරු කරන ලෙස අපි සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

පලස්තීන සෞඛ්‍ය ඇමති මායි අල්-කයිලා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ජෙනීන්හි සරණාගත කඳවුරතුළ ජල සැපයුමට හා විදුලි ජාලයට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් හානි සිදුව ඇති බවත් එමඟින් සරණාගතයින්ගේ ජීවිතය වඩාත් දුෂ්කරව ඇති බවයි. එමෙන්ම මේ වන විට රෝහල්වල තුවාලකරුවන් පිරී ඉතිරී ඇති බවත් ඔවුන් කල්තබා ප්‍රහාරයකට සූදානම් වූ හෙයින් අමාත්‍යංශය පසුගිය සතියේ මාස තුනකට සෑහෙන්න බෙහෙත් ද්‍රව්‍ය රෝහල්වෙත ප්‍රවාහනය කළ බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි