×

සුබ අලුත් අවුරුද්ද ජපානයට අසුබ ද?

සටහන – නිපුනි ලියනගේ ජනවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එහෙන් භූමිකම්පා මෙහෙන් සුනාමි අනතුරු ඇඟවීම් අස්සේ අදත් ජපානයට ගුවන් අනතුරක්ද අත්විඳීමට සිඳුව තිබේ. ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද සවස ටෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළේ ධාවන පථයකට ගොඩබස්වන විට ගිනිගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි Hokkaido හි Shin-Chitose ගුවන් තොටුපළේ සිට Haneda දක්වා […]


සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එහෙන් භූමිකම්පා මෙහෙන් සුනාමි අනතුරු ඇඟවීම් අස්සේ අදත් ජපානයට ගුවන් අනතුරක්ද අත්විඳීමට සිඳුව තිබේ.

ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද සවස ටෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළේ ධාවන පථයකට ගොඩබස්වන විට ගිනිගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

Hokkaido හි Shin-Chitose ගුවන් තොටුපළේ සිට Haneda දක්වා ගමන් කරමින් තිබූ 516 ගුවන් යානය මෙලෙස අනතුරට භාජනය විය.

NHK විකාශනාගාරයේ දර්ශනවල දැක්වෙන්නේ යානයේ ජනේලවලින් සහ ඊට යටින් ගිනිදැල් පිටවන ආකාරය සහ ධාවන පථය ද ගිනි ගන්නා අයුරුය.

සපෝරෝ සිට ගුවන් ගත වූ යානය වෙරළාරක්ෂක ගුවන් යානයක ගැටී ඇති බව බලධාරීන් පවසයි. යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 379 දෙනා ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි