×

භූමිකම්පාවෙන් ජපන් වැසියන් 242ක් සොයා තවදුරටත් මෙහෙයුම්! පැය 72ක් ගෙවී අවසන්!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 05 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ භූමිකම්පාව ඇතිවීමෙන් පසු අතුරුදන්වූවන් සොයා ගැනීම සඳහා ගත වූ පැය 72 ක තීරණාත්මක කාලය අවසන්ව ඇති බවත්, භූමිකම්පාවෙන් පසු අතුරුදන් වූ පුද්ගලයන් 242 දෙනෙකු පමණ පිරිසක් සොයා ගැනීමට සහන කණ්ඩායම් තවමත් වෙහෙසෙමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 92 දක්වා ඉහළ ගිය […]


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 05 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ භූමිකම්පාව ඇතිවීමෙන් පසු අතුරුදන්වූවන් සොයා ගැනීම සඳහා ගත වූ පැය 72 ක තීරණාත්මක කාලය අවසන්ව ඇති බවත්, භූමිකම්පාවෙන් පසු අතුරුදන් වූ පුද්ගලයන් 242 දෙනෙකු පමණ පිරිසක් සොයා ගැනීමට සහන කණ්ඩායම් තවමත් වෙහෙසෙමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 92 දක්වා ඉහළ ගිය අතර එය රික්ටර් පරිමාණයේ 7.6 ක භූ කම්පනයකි.

මේ වනවිට, ජපානයේ ස්වයං-ආරක්ෂක බලකායන් ගලවා ගැනීමේ සහ සහන සඳහා යොදවා ඇති භටයින් සංඛ්‍යාව 4,600 දක්වා ඉහළ දමා ඇති බව සඳහන් වේ.

වැඩි පිරිසක් ඔවුන්ගේ කඩා වැටුණු නිවාස යට සිරවී සිටින බවට විශ්වාසය පළ කෙරේ.

මේ වනවිටත් දස දහස් ගණනක් නිවැසියන් තවමත් විදුලිය හා ජලය නොමැතිව සිටින අතර, නායයෑම් සහ අවහිර වූ මාර්ග හේතුවෙන් ජනතාවට උපකාර ලබා ගැනීම අසීරු වී ඇති බවද එරට මාධ්‍ය පවසා සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි