×

G7 සමුළුවට එරෙහිව ජපානයේ විරෝධතාකරුවන් හා කැරලි මර්දන පොලිසිය අතර ගැටුම්

G7 සමුළුව න්‍යෂ්ටික යුද්ධයක් සඳහා අධිරාජ්‍යවාදයේ සමුළුවක් ලෙස හෙලා දකින කොමියුනිස්ට් ලීගය, මර්දනය මධ්‍යයේ පවා සිය විරෝධතාවයන් දක්වන අයුරු සමාජ මාධ්‍ය දර්ශන වල පැහැදිලි වේ.


මේ වන විට හිරෝෂිමාවේ පැවැත්වෙන G7 ලෝක නායකයින්ගේ රැස්වීමට විරෝධය පළ කරමින් විප්ලවවාදී කොමියුනිස්ට් ලීගයේ ජාතික කමිටුව විසින් සංවිධානය කරන ලද විරෝධතාවය ජපානයේ කැරළි මර්දන පොළීසිය විසින් දැඩිලෙස මර්දනය කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

G7 සමුළුව න්‍යෂ්ටික යුද්ධයක් සඳහා අධිරාජ්‍යවාදයේ සමුළුවක් ලෙස හෙලා දකින කොමියුනිස්ට් ලීගය, මර්දනය මධ්‍යයේ පවා සිය විරෝධතාවයන් දක්වන අයුරු සමාජ මාධ්‍ය දර්ශන වල පැහැදිලි වේ.

මෙවර G7 සමුළුවට එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය සහ තවත් රටවල් අටක ආරාධිතයන් සම්බන්ධවන අතර ඔවුන් මෙහිදී යුක්රේනයේ යුද්ධය සහ චීනය සමඟ ඔවුන්ගේ සබඳතා ඇතුළු අනෙකුත් විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි