×

කොරෝනා මැද ඔලිම්පික් තරඟාවලිය ‘සරල’ කිරීමට ජපානය සැරසෙයි

ඔලිම්පික් තරඟාවලිය ලබන වසරේ ජූලි මස 23 වන දින ආරම්භ වීමට නියමිත ය.


මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරඟාවලිය ලබන වසරේ පැවැත්වීමට සමගාමීව, එම තරඟාවලිය ‘සරල’ කිරීමටත්, ඉතාම අවම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් හා අනිවාර්ය කොවිඩ් 19 පරීක්ෂාවන් ඇතුළුව පැවැත්වීමට ජපානය තීරණය කොට තිබේ.

ටෝකියෝ හි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) පරීක්ෂක ප්‍රධානී ජෝන් කෝට්ස් මහතා පවසා තිබෙන්නේ කොරෝනා වෛරසයට එරෙහිව ආරක්ෂාවක් නොමැති වීම ඔලිම්පික් උළෙලට තර්ජනයක් ව පවතින බැවින්, සංවිධායකයින්ට “වඩාත් වෙනස්” වූ ඔලිම්පික් උළෙලක් පැවැත්විය හැකි නම් ඒ සඳහා සැලසුම් කිරීම ආරම්භ කළ යුතු බවයි.

ජපානයේ යොමියුරි පුවත්පතට අනුව, එරට රජයේ හා සංවිධායක කමිටු ආරංචිමාර්ග පවසා තිබෙන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ කාර්ය මණ්ඩලයට අමතරව සියලුම ප්‍රේක්ෂකයින් සඳහා PCR පරීක්ෂණ අනිවාර්ය කරන බවත්, මළල ක්‍රීඩක ගම්මානය (athletes village) තුළ සහ ඉන් පිටත ගමනාගමනය සීමා කිරීමට ජපානය හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර සාකච්ඡා පවතින බවත්ය.

ඔලිම්පික් තරඟාවලිය ලබන වසරේ ජූලි මස 23 වන දින ආරම්භ වීමට නියමිත ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි