×

”රිපබ්ලිකානුවන්ට කෝපාවිෂ්ඨ වීමට අයිතියක් ඇත. ඔවුනට ප්‍රජාතත්ත්‍රවාදය හුරු දෙයක් නොවේ. යහපත් පුරුදු ඔවුන් කිසිදා අත්විඳ නැත”- ජෝ බයිඩන්

බයිඩන් මෙහිදී 2020 දී ට්‍රම්ප් මහතාට ඡන්දය දුන් මිලියන 74 ක් වූ ඇමරිකානුවන් තමන් හෙළා දකින බව ප්‍රකාශ කළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ රිපබ්ලිකානුවන් මේ රටට තර්ජනයක් බව ප්‍රකාශ කරන්නට විය.


ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “Make America Great Again” (Maga) න්‍යාය පත්‍රයට සහය දක්වන්නන් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

පෙන්සිල්වේනියාවේ ප්‍රයිම් ටයිම් දේශනයකදී මේ බව ප්‍රකාශ කරන ලද ඇමරිකන් ජනාධිපතිවරා ඔවුන් ඇමරිකාව ආපස්සට ගෙන යාමට උත්සහ කරන බවට චෝදනා කරනු ලැබීය. ඔහු මෙහිදී කියා සිටියේ තමන් ඇමරිකාවේ ආත්මය නැවත ප්‍රතිස්ථාපනය කරන බවයි.

බයිඩන් මෙහිදී 2020 දී ට්‍රම්ප් මහතාට ඡන්දය දුන් මිලියන 74 ක් වූ ඇමරිකානුවන් තමන් හෙළා දකින බව ප්‍රකාශ කළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ රිපබ්ලිකානුවන් මේ රටට තර්ජනයක් බව ප්‍රකාශ කරන්නට විය. එම අවස්ථාවේදී ශාලාවෙන් ඇතිවූ යම් විරෝධයක් හේතුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රිපබ්ලිකානුවන්ට කෝපාවිෂ්ඨ වීමට අයිතියක් ඇත ඔවුනට ප්‍රජාතත්ත්‍රවාදය හුරු දෙයක් නොවේ. ඔවුන් ෆැසිස්ට්වාදීන් මෙන් යහපත් පුරුදු කිසිදා අත්විඳ නැති බවයි.

මේ සම්බන්ධයෙන් ඉහළම රිපබ්ලිකානු ජාතික කෙවින් මැකාති ප්‍රකාශ කළේ මැතිවරණය ළං වීමත් සමඟ බයිඩන් මහතා ඇමරිකාවේ ආත්මයට දැඩි ලෙස තුවාල කර ඇති බවයි. රට එක්සේසත් කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි ජනාධිපතිවරයා ට්‍රම්ප් මහතාගේ ආධාරකරුවන්ට එරෙහිව අවමන් කිරීමට හා ඔවුන් පහත් කොට සැලකීමට ආරම්භ කර ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි