×

දේශපාලනයට හෝ වෙළෙඳ දැන්වීම්වලට නොව ‘මිනිස්සුන්ට කඩේ යන’ නයිජීරියානු මාධ්‍යකරුවා

ඔහු නොකියා කියන්නේ ඔහුගේ හොඳම ආයෝජනය මිනිස් සම්පත බවය.



අප ජීවත් වන්නේ ලාබය  තොරව මාධ්‍යයට පැවැත්මක් නැතැයි සිතන රටකය. නමුත් නයිජීරියාවේ channels television නාලිකාවේ ප්‍රධානියා කියන මේ කතාව අසන්න.
ඔහුගේ නම ජෝන් මොමෝ. channels ටීවී රුප්වාහිනියේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියා ඔහුය. 

සාර්ථකත්වය පිළිබඳ ඔහුගේ ‘රෙසිපිය’ ඉතාම සරලය. “අපි කරලා තියෙන්නෙ දේශපාලනය, ව්‍යාපාර  සහ  රාජ්‍යයෙන් පවා ස්වාධීන වීමයි. පළමුවත් ප්‍රමුඛ වත් අපි මාධ්‍යවේදියො”. 

“What we have done is to be independent of politicians and of goverment or even busainess. We are First and Foremost journalists”. – John Momoh Chairman and CEO – Channel TV

වසරේ රූපවාහිනී නාලිකාව  සම්මානය පිට පිට හත් වතාවක් ද සම්පූර්ණයෙන්ම දොළොස් වතාවක් ද  දිනාගැනීමට සමත් වූ එකම නයිජීරියානු සහ අප්‍රිකානු විකාශකයා වන්නේ channels ටීවී ය. 

“අපි ප්‍රවෘත්ති ප්‍රවෘත්ති විදිහට වාර්තා කරනවා. Let the facts speak for themselves”. අපි කිසිම වෙලාවක පැත්තක් ගන්නෙ නෑ.ඒක තමයි අපේ ආදර්ශ ආදර්ශපාඨය. ඒ නිසා තමයි අපි මුල් තැනට ආවේ.”


“A Network built on trust” – විශ්වාසය මත ගොඩනැගුණු මාධ්‍ය ජාලයක් එය ඔවුන්ගේ නිල ආදර්ශ පාඨය.  2019 පෙබරවාරි මාසයේ ද ඉකොනොමිස්ට් සඟරාවේ ඔවුන් විසින් දැන්වීමක් පළකර තිබෙන්නේ එම ආදර්ශ පාටය සමඟය.

ලෝකයේ අන් සියළු තැන්වල සේම නයිජීරියාවේ ද මාධ්‍ය භූ දර්ශනය – media landscape වේගෙන් වෙනස් වෙමින් පවතී. මුද්‍රිත මාධ්‍ය කතා කරන්නේ ප්‍රභූ පැලැන්තියට ය. රට පුරා සිටින අධ්‍යාපන මට්ටම අඩු ප්‍රේක්ෂකයන් බහුතරයක් radio රසිකයන් ය. රූපවාහිනිය ද සතර කොණින් ප්‍රේක්ෂකාගාරය ආකර්ශනය කර ගත්තත් නයිජීරියාවේ  පවතින විදුලි බල ගැටලූ හේතුවෙන් එය කර්මාන්තයක් වශයෙන් වේගයෙන්  වර්ධනය නොවේ.


“ඉණිමගේ පහළම ඉන්න මිනිස්සුන්ට ඒ කියන්නේ ග්‍රාමීයව කෙත්වතු තුළ වැඩ කරන ජනතාවට තවමත් පළමු තේරීම වන්නේ  රේඩියෝවයි. නමුත් වැඩ කරලා ඉවරවෙලා ගෙවල් වලට ගියාට පස්සේ රටේ සිද්ධ වෙන දේවල් බැලීමේ ආශාව ඔවුන්ට ඇති වෙනවා රූපවාහිනිය නැතිවම බැරි වෙන්නේ ඒ අනුවයි.”

අනාගතය පිළිබඳව ද ඔහුට පැහැදිලි අදහසක් තිබේ. මිලියන 180ක – අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් සිටින නයිජීරියාවේ තාමත් ගෘහස්ථ රූපවාහිනි තිබෙන්නේ මිලියන 15 ක ට පමණයි. එනිසා මේ ක්ෂේත්‍රය ඉදිරියේදී වේගයෙන් වර්ධනය වීමට නියමිත ක්ෂේත්‍රයක්.
රූපවාහිනිය දැන් අයත් වන්නේ ලෝකය තුළ සම්ප්‍රදායික මාධ්‍ය ටය.  සම්ප්‍රදායික මාධ්‍ය වෙත අන්තර්ජාලයෙන් එල්ල වන අභියෝග ගැන ඔහු මනා සේ සවිඥානික ය. 

“මා කළේ අපේ ඩිජිටල් අවශ්‍යතා වෙනම හඳුනා ගෙන විශේෂ ඒකකයක් ලෙස ඒ අවශ්‍යතා කට්ටලය වර්ධනය කිරීමයි කිරීමයි. ඒ අනුව අපගේ සහස්‍රක පාරිභෝගිකයන් විශේෂයෙන් ඉලක්ක කරගත් අන්තර්ගතයක් අපි නිපදවනවා.  කාලයට ගැලපෙන පරිදි වෙනස් නොවුණොත් අපි ඩයිනෝසරයන් වෙනවා.”
“අලුත් content නිපදවන හැම විටෙක ම අදාළ අලුත් තාක්ෂණයක් එයට සම්බන්ධ කර ගන්නට අපිට වුවමනා ඒ නිසයි.”
ඔහු  මාධ්‍ය පුහුණුව පිළිබඳ ඉතාමත් පැහැදිලි දැක්මක් සහ අත්දැකීම් රාශියක් ඇති අයෙකි.

අපේ නූතනත්වයෙන් බොහොමයක් digital disruption එහෙමත් නැතිනම් ඩිජිටල් බාධා කිරීම් නැමති ඌව දුර ඇතුලේ නැතිවී යනවා. analog ක්‍රමය අනාගතයේදී පවතීවි කියා බොහෝ දෙනා සිතනවා. ලොව පුරාම විකාශන මාධ්‍ය නෙට්ෆ්ලික්ස් විසින්  විනාශ කරමින් සිටිනවා. නමුත් මේ අවකාශය තුළට පිවිසී ක්‍රීඩා කරගෙන යාමට අප සමත් විය යුතුයි” යැයි ඔහු පවසනවා.

නයිජීරියානු මාධ්‍ය සඳහා සිදුකළ සිදු කළ මෙහෙවර වෙනුවෙන් ඔහු පසුගියදා ජීවිත කාලය තුළ එක් වරක් පමණක් පිරිනමන යාවජීව සම්මානයක් පිරිනැමෙනි. ප්‍රජාතන්ත්‍රවාදය, අස්ථාවර දේශපාලනය, දේශපාලනික බල සංක්‍රාන්ති යනාදී බාධක හමුවේ නයිජීරියානු මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට එල්ල වන තර්ජන බොහෝය. ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය පවතින්නේ ඉතාම පහළ මට්ටමක ය. හමුදාව හා පොලිසිය නිතරම මාධ්‍යවේදීන් ඔවුන්ගේ රාජකාරි වලින් වළක්වා ලීමට උත්සාහ කරති.

නයිජීරියානු  හොලිවුඩය හෙවත් Nollywood ඔහු දකින්නේ නයිජීරියාවේ අනාගතය තීරණය කරන ප්‍රබල සාධකයක් ලෙස ය.
“වේෂ නිරූපණ ශිල්පීන්ගේ පටන් තිර තිර රචකයන් දක්වා තරුණ පරපුර සඳහා රැකියා මිලියන ගණනක් මෙහි තිබෙනවා. නමුත් මේ සියල්ලට පෙර මාධ්‍ය සහ මාධ්‍ය තුළ තිබෙන ඩ්ජිටල් අවකාශය ගැන ඔවුන් හැදෑරිය යුතුයි…”
“….විසිවන සියවසේ අප වටා ගොඩනැගෙන නව සාධක සැලකිල්ලට නොගන්නා කිසිම රැකියාවක් අනාගතය වෙනුවෙන් කරන රැකියාවක් බවට පත් වන්නේ නැහැ. ඒ නිසා ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මේ වැඩ කිරීමෙන් මට සිදු වන්නේ කුමක්ද ඉදිරි අවුරුදු පහ තුළ මේ මට ජීවත් වෙන්ට පුළුවන් වේවිද යන්න යි.

ජොන් මොමො විසින් සිය රට  හඳුන්වන්නේ ලෝකය ‘හොඳින්ම වසන් කරගෙන තිබූ රහසක්’ ලෙසය. “අපි ඉන්නේ පතුලේ. ඒ නිසා අපිට ඕනෑ විදිහට උඩට එන්න පුළුවන්. ශ්‍රේෂ්ඨ රටක් වීමට අවශ්‍ය හැමදෙයක්ම තුළ තිබෙනවා. ලෝකෙ අනික් අනෙක් හැම තැනක් මේ වෙද්දි   
සාන්ද්‍රනය වෙලා . නමුත් ඔබ නයිජීරියාවට එන්න. වැඩ කරන්නට ආශාවෙන් බලා සිටින තරුණ පරපුරක් මෙහි සිටිනවා.”

ඔහු නොකියා කියන්නේ ඔහුගේ හොඳම ආයෝජනය මිනිස් සම්පත බවය. ජනමාධ්‍ය වැනි අතිශය අභියෝගත්මක ක්ෂේත්‍රයක් තුළ දේශපාලකයන්ට හෝ වෙළෙඳ දැන්වීම් කාරයන්ට කඩේ යන්නෙකු නොව ‘මිනිසුන්ගේ ප්‍රශ්න වලට කඩේ යන්නෙකු බවට පත්වී සිටී.  ‘ජනතාවගේ ජනමාධ්‍ය කරුවා’ වීම නමැති අතිශය අභියෝගාත්මක කාර්යය ජය ගෙන ව්‍යවසායකයෙකු වශයෙන් ද වශයෙන් ද සාර්ථක අඩිතාලමක් ඔහු විසින් දමා ගෙන තිබීම ඇත්තෙන්ම පර්යේෂණයක් සඳහා පවා උචිත මාතෘකාවකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි