×

කෙවින් මැකාර්තිට ජයග්‍රහණ තිබියදීත් කතානායක පුටුව 14වන වරටත් පෙනි පෙනී අහිමි වෙයි.

කථානායකවරයෙකු නොමැතිව සභාව ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවන අතර, නව සාමාජිකයින් දිවුරුම් දිය නොහැක.


රිපබ්ලිකන් කොන්ග්‍රස් සභික කෙවින් මැකාති එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක වීමට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකිව ඡන්දවට 14කින් පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

ඊයේ(06) පැවැති ඡන්දයේදී ඔහු පෙර වටවලට වඩා ඡන්ද 214ක් ලබා ගනු ලැබූමුත් 218ක බහුතරය ලබ ාගැනීමට ඔහු අසමත් විය. මෙවැනි තත්වයක් ඇමරිකන් ඉතිහාසයේ සිදුවී ඇත්තේ වසර 164කට පෙරය.

කථානායකවරයෙකු නොමැතිව සභාව ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවන අතර, නව සාමාජිකයින් දිවුරුම් දිය නොහැක.

මැකාර්ති වෙනුවෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සරළ බහුතරය තිබියදී රිපබ්ලිකන් නායකයාට විරුද්ධ වූ දක්ෂිනාංශික විරුද්ධවාදීන් කිහිප දෙනෙක් තත්වය කඩා කප්පල් කිරීමටයි. ඔවුනට අවශ්‍යව ඇත්තේ මැකාර්ති කතානායක පුටුවෙන් ඉවත් කිරීමටය. කෙසේ නමුත් පසුගිය වසරේ පැවැති මධ්‍යවාර මැතිවරණයේදී මැකාර්ති ප්‍රතිඥා දී තිබුණේ, ඩිමොක්‍රටික් පක්ෂයේ න්‍යාය පත්‍රය අවුල් කිරීමට සහ බිඩෙන් පරිපාලනයේ අධීක්‍ෂණය තීව්‍ර කිරීමට කථානායක තනතුර භාවිතා කරන බවටයි.

කැරළිකාර කඳුවුරෙන් මිදී ආ බයිරන් ඩොනල්ඩ්ස් මෙන්ම කොංග්‍රස් සභික මේරි මිලර් මැකාර්තිට එක්වෙමින් ප්‍රකාශ කර තිබුණේ රිපබ්ලිකානුවන් අපගේ ඡන්දදායකයින් සහ ජාතිය වෙනුවෙන් පාලනය කිරීමට අවස්ථාව ලබා දීමට සූදානම් බවයි. රිපබ්ලිකන් විරුද්ධවාදීන් මැකාතිට සහාය දැක්වීමට එකඟ වීමට පෙර, කථානායකවරයාට විශ්වාසභංගයක් ගෙන ඒමට ඕනෑම මන්ත්‍රීවරයෙකුට ඉඩ දීම සඳහා සභා නීති වෙනස් කිරීම ඇතුළුව, බොහෝ ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

කෙසේ නමුත් දිගින් දිගටම වන අසාර්ථකවීම් සමඟ මැකාර්තිට රිපබ්ලිකන් බහුතරයක් මෙහෙයවීමට ඇති හැකියාව පිළිබඳ ප්‍රශ්නය මතුවෙමින් පවතියි. එක්සත් ජනපද සන්නිවේදන උපායමාර්ගික සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන ජෝන් ෆීහෙරි මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, වැදගත් වන්නේ සභාව මැකාර්තිට ඵලදායිව පාලනය කළ හැකිද? නැතිද? යන්නයි. පවතින තත්වය අනුව එය ඇත්තෙන්ම පහසු නොවන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි