×

‘ඉතිහාසයේ විශාලතම හජ් වන්දනාව’ සෞදි අරාබියෙන් ඇරඹේ

මෙම වසරේ හජ් උත්සවය ජුනි 26 සහ ජූලි 1 අතර පැවැත්වේ.


හජ් වන්දනාව වෙනුවෙන් වන්දනාකරුවන් අද(25)දිනයේදී මක්කම අල්-මස්ජිද් අල්-හරාම් හෝ ග්‍රෑන්ඩ් පල්ලියේ සිට කිලෝමීටර් 8 ක් (සැතපුම් 5 ක්) පමණ දුරින් පිහිටි මිනා වෙත ගමන් කිරීමට පටන් ගැනීමත් සමඟ සෞදි අරාබියේ සෞදි හජ් සහ උම්රා අමාත්‍යාංශ නිලධාරීන් පවසා තිබුණේ, ඉතිහාසයේ විශාලතම හජ් වන්දනාව මෙවර දකින්නට හැකිවනු ඇති බවයි.

මෙවර වන්දනාව වෙනුවෙන් මිලියන 2.5 කට වැඩි මුස්ලිම්වරුන් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ වන විට මක්කම සෙල්සියස් අංශක 45කට ආසන්න උෂ්ණත්වයක් ඇති හෙයින් තාප ආඝාතය, විජලනය සහ වෙහෙසට ප්‍රතිකාර කිරීම සඳහා සෞදි බලධාරීන් විසින් 32,000 කට අධික සෞඛ්‍ය සේවකයින් සහ ගිලන්රථ දහස් ගණනක් සූදානම් කර ඇත.

මෙම වසරේ හජ් උත්සවය ජුනි 26 සහ ජූලි 1 අතර පැවැත්වෙන අතර ඊද් අල්-අදා උත්සවය ජුනි 28 දින පැවැත්වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි