×

අකුණු සැර වැදීම හේතුවෙන් ඉන්දියාවේ 24 දෙනෙකු මරුට

හදිසි ගංවතුර සහ අකුණු මඟින් සෑම වසරකම ඉන්දියාවේ මිනිසුන් මිය යන අතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ආන්තික කාලගුණික සිදුවීම් හේතුවෙන් තත්වය තවදුරටත් බරපතල වී ඇත.


බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අකුණු සැර වැදීම හේතුවෙන් 24 දෙනෙකු මියගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාන්ත රජය වාර්තා කර තිබේ.

ප්‍රාන්ත රජයේ දත්තවලට අනුව, පසුගිය ඉරිදා(26) සහ සඳුදා(27) දෙදින බලපෑ ගිගුරුම් සහිත වැසි සහ හිම කැට වර්ෂාවත් සමඟ ප්‍රාන්තයට අඛණ්ඩ වර්ෂාවක් පතිත වෙමින් ඇති අතර, ගතවූ පැය 24 තුළ සමහර ස්ථානවලට මිලිමීටර් 144 (අඟල් 5.7) දක්වා වර්ෂාපතනයක් ලැබී තිබේ.

හදිසි ගංවතුර සහ අකුණු මඟින් සෑම වසරකම ඉන්දියාවේ මිනිසුන් මිය යන අතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ආන්තික කාලගුණික සිදුවීම් හේතුවෙන් තත්වය තවදුරටත් බරපතල වී ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි