×

කොරෝනා සඳහා ම වෙන් වූ වුහාන් රෝහලක වෛද්‍ය අධ්‍යක්ෂවරයා කොරෝනා වැළඳී මරුට

කොරෝනා නොහොත් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ම වෙන්ව ඇති වුහාන් පළාතේ ‘වුහාන් වුචැන්ග්‘ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා රෝගය හේතුවෙන් ඊයේ (18) දිනයේ මරණයට පත්ව ඇත.


මෙම රෝහල වුහාන් හි ප්‍රධාන පෙළේ රෝහලකි.

චීන රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශ කළේ ඊයේ උදෑසන 10.30 ට පමණ වෛද්‍ය අධ්‍යක්ෂ ලියු සිමින්ග් (Liu Zhiming) මරණයට පත් වූ බවයි.

51 හැවිරිදි ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් වන ලියු සිමින්ග් දිනපතා මෙම රෝහල වෙත පැමිණෙන රෝගීන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට අසහාය මෙහෙයක් කළ අයෙකි. වුහාන් නාගරික සෞඛ්‍ය කොමිසම ඔහුගේ මරණය පිළිබඳ ශෝකය පළ කරමින්, මුල පටන්ම රෝගයට එරෙහිව සටන් වැදුණු ඔහු ‘‘වෛරසය පාලනය කිරීම හා එයට එරෙහි සටනට ඉතා වැදගත් දායකත්වයක් ලබාදුන්‘ බව ප්‍රකාශ කරයි. වුහාන් රෝහල පවසන්නේ ඔහුගේ දිවි බේරාගැනීමට තමන් විසින් උපරිම උත්සාහයක් ගත් බවයි.

මෙය, රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු රෝගය විසින් බිලිගත් 7 වන අවස්ථාවයි. මේ වන විට කොරෝනා සඳහා ප්‍රතිකාර කළ රෝහල් කාර්ය මණ්ඩලවල වෛද්‍යවරුන් සහ හෙදියන් 1,700 දෙනෙක් රෝගයට ගොදුරු ව ඇති බව නිව්යෝක් පෝස්ට් වාර්තාවක දැක්වේ.

මේ වසරේ මුල, ශ්වසන රෝග වසංගතයක් ගැන ඉඟි කළ වුහාන් හි තවත් වෛද්‍යවරයෙකු වූ ලී වෙනිලැන්ග් මරණයට පත් වීමත් සමග විශාල ආන්දෝලනයක් ද ඇති විය.

කොරෝනාවල නවතම තත්වය

චීන රජය (ජාතික සෞඛ්‍ය කොමිසම) විසින් නිකුත් කරන නිල වාර්තාවලට අනුව මේ වන විට,

රෝගය නිසා මිය ගිය සංඛ්‍යාව – 1868
නව ආසාදිතයන් – 1886
සම්පූර්ණ ආසාදිතයන් – 72,436

දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනයේ හොංකොං හි දෙවැනි රෝගියා ද කොරෝනා හේතුවෙන් මරණයට පත්ව ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි