×

ලොස් ඇන්ජලීස් වසරේ උණුසුම්ම තාප තරංගයන් අත් විඳියි

ලොස් ඇන්ජලීස් ටයිම්ස් විසින් කරන ලද විශ්ලේෂණයකින් සොයා ගෙන ඇත්තේ මරණ 3900ක් පමණ අධික තාපය නිසා ඇතිවිය හැකි බවයි.


ලොස් ඇන්ජලීස් වසරේ උණුසුම්ම තාප තරංගයන් අත් විඳිමින් සිටින අතර අත්‍යාවශ්‍ය දෙයකට හැර එළිමහනට නොයන ලෙස නිවැසියන්ට නිල වශයෙන් අනතුරු අඟවා ඇත. අධික උෂ්ණත්වය හේතුවෙන් කැලිෆෝනියාවේ ප්‍රාන්ත ගණනාවක ලැව්ගිණි තත්වයන්ද ඇතිව තිබේ.

නිවාඩු සති අන්තයන් හුදකලාව ගෙවී යන් අතර දකුණු කැලිෆෝනියාව එහි වසරේ උණුසුම්ම කාලගුණය සමඟ පොරබදමින් සිටියි. සහනයක් පේන මානයක නැත. නගර උෂ්ණත්ව වාර්තා බිඳ දමමින් එකිනෙකට තරඟ කරමින් සිටියි. මාර්ගවල තැනින්තැන වීදි ආහාර වෙළඳුන් පමණක් බව වාර්තා වේ. මෙම උෂ්ණත්වය හේතුවෙන් නිවාස අහිමි බොහෝ දෙනා මෙන්ම කම්කරුවන් මිය යන බවට පුරෝකතනය කර ඇත.

මේ වන විට ලොස් ඇන්ජලීස්හි පොදු සිසිලන මධ්‍යස්ථාන 150 කට වඩා විවෘත කර ඇත. එනමුත් නිවාස අහිමි වූවන් 60,000 කට වඩා සිටින බැවින් සිසිල් ස්ථාන 150 ප්‍රමාණවත් වන්නේද යන්න ගැටලුවකි.

උෂ්ණත්වය හේතුවෙන් සිදුවන මරණ සම්බන්ධයෙන් ප්‍රාන්තයේ වාර්තා පරස්පර වන අතර ලොස් ඇන්ජලීස් ටයිම්ස් විසින් කරන ලද විශ්ලේෂණයකින් සොයා ගෙන ඇත්තේ මරණ 3900ක් පමණ අධික තාපය නිසා ඇතිවිය හැකි බවයි.
මීට අමතරව විශ්ලේෂකයන් විසින් මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ අනිකුත් ජාතීන්ට සාපේක්ෂව උෂ්ණත්වය හේතුවෙන් කළු ජාතිකයන් මියයාමේ සම්භාවිතාව වැඩි බවයි.

දේශගුණික අර්බුදය විසඳීම සඳහා කැලිෆෝනියාව බොහෝ දෙනෙකුට වඩා ක්‍රියාශීලී ප්‍රවේශයක් ගෙන ඇති නමුත් බොහෝ අය පවසන්නේ අධික තාප තරංගය වඩාත් ආක්‍රමණශීලී ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වන්නේ කෙසේද යන්න ඉස්මතු කරන බවයි.

දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් හඬ නගන ඔස්කා සම්මානලාභී ජේන් ෆොන්ඩා සඳහන් කර තිබුණේ 2030 වන විට හරිතාගාර වායු විමෝචනය 55% කින් අඩු කිරීමේ වඩාත් අභිලාෂකාමී ඉලක්කයක් තැබීමට හැකි වූ පනතක් කැලිෆෝනියා නීති සම්පාදකයින් විසින් බදාදා ප්‍රතික්ෂේප කළ බවයි. මේ වන විට ඇගේ නව දේශගුණික විපර්යාස කේන්ද්‍ර කරගත් දේශපාලන ක්‍රියාකාරී කමිටුව නගර මට්ටමෙන් දේශගුණික අභිලාශයන් සහිත පුද්ගලයන්ට සහය දක්වමින් පුද්ගලයන් දැනුවත් කරමින් යමින් සිටින් බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි