×

මැලේසියාහි හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

රජයේ අරමුදලක් වන 1Malaysia Development Berhad (1MDB)මඟින් ඇමරිකන් ඩොලර් මිලියන 9.4ක මුදලක් සිය පෞද්ගලික ගිණුමකට යොමු කිරීම සම්බන්ධයෙන් වරදකරු බවට පත් වූ අතර විත්තිය විත්තිය විසින් නජීබ් වෙනුවෙන් චෝදනා කර තිබුණේ සවුදිහි රාජකීය පවුල විසින් මැලේසියා රජයට කරන ලද අරමුදල් සිය පෞද්ගලික අපේක්ෂාවන් වෙනුවෙන් යෝදාගත් බවයි.


මැලේසියාහි හිටපු අගමැති 69 හැවිරිදි නජීබ් රසාක්වෙනුවෙන් ඒරට අධිකරණය විසින් වසර 12ක සිර දඬුවම් නියම කර ඇති අතර හිටුපු අගමැතිවරයා මේ වෙනුවෙන් කරන ලද අභියාචනයද ප්‍රතික්ෂප කර ඇති බව වාර්තා වේ. රජයේ විශේෂ අරමුදලක් වන 1Malaysia Development Berhad (1MDB)සම්බන්ධයෙන් අල්ලස් ගැනීම හා දූෂණ චෝදනා වෙනුවෙන් වරද කරු වූ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙලෙස දඬුවම් පමුණුවා ඇත .

මූල්‍ය උපදේශකයින් විසින් හිටුපු අගමැතිවරයා නොමඟ යවා ඇති බව වාර්තා වන අතර 2020 වසරේදී අධිකරණය මඟින් හිටපු අග්‍රාමාත්‍යවරයා චෝදනා හතක් වෙනුවෙන් වැරදිකරු බවට පත් කෙරිණ. ඔහු විසින් රජයේ අරමුදලක් වන 1Malaysia Development Berhad (1MDB)මඟින් ඇමරිකන් ඩොලර් මිලියන 9.4ක මුදලක් සිය පෞද්ගලික ගිණුමකට යොමු කිරීම සම්බන්ධයෙන් වරදකරු බවට පත් වූ අතර විත්තිය විත්තිය විසින් නජීබ් වෙනුවෙන් චෝදනා කර තිබුණේ සවුදිහි රාජකීය පවුල විසින් මැලේසියා රජයට කරන ලද අරමුදල් සිය පෞද්ගලික අපේක්ෂාවන් වෙනුවෙන් යෝදාගත් බවයි.

නජීබ්ගේ බිරිඳ වන රොස්මා මන්සෝර් ද මුදල් විශුද්ධිකරණය සහ බදු පැහැර හැරීමේ චෝදනාවලට මුහුණ දී ඉන් නිදහස්ව ඇති අතර ඇයට විරුද්ධව සූර්ය හයිබ්‍රිඩ් ව්‍යාපෘතියකට සම්බන්ධ දූෂණ චෝදනාවන් හා සම්බන්ධ නඩුවේ තීන්දුව සැප්තැම්බර් පළමුවැනිදා ප්‍රකාශයට පත් කිරීමට මහාධිකරණය සූදානම්ව සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි