×

එංගලන්තේ ඩවුනිං වීදිය අසළ ජරමරයක්!

එක්සත් රාජධානියේ, ඩව්නිං වීදියෙන් පිටත ගේට්ටුව දෙසට මෝටර් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සාපරාධී හානි සහ අනතුරුදායක රිය පැදවීම සම්බන්ධයෙන් සැකපිට සන්නද්ධ නිලධාරීන් විසින් එලෙස ඇතුලු වූ ඔහු රඳවාගෙන සිටි බව මෙට්‍රොපොලිටන් පොලිසිය සිය පවසයි. මේ සම්බන්ධයෙන් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති අතර දිගටම පරීක්ෂණ ක්‍රියාත්මකයි. ගේට්ටුවෙන් පිටත සුනඛයින් සිටින නිලධාරීන් සිටිනු දක්නට ලැබුණු […]


එක්සත් රාජධානියේ, ඩව්නිං වීදියෙන් පිටත ගේට්ටුව දෙසට මෝටර් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සාපරාධී හානි සහ අනතුරුදායක රිය පැදවීම සම්බන්ධයෙන් සැකපිට සන්නද්ධ නිලධාරීන් විසින් එලෙස ඇතුලු වූ ඔහු රඳවාගෙන සිටි බව මෙට්‍රොපොලිටන් පොලිසිය සිය පවසයි.

මේ සම්බන්ධයෙන් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති අතර දිගටම පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ගේට්ටුවෙන් පිටත සුනඛයින් සිටින නිලධාරීන් සිටිනු දක්නට ලැබුණු බැවින් ඩව්නිං වීදිය පසු කර දිවෙන ප්‍රධාන මාර්ගය වන වයිට්හෝල්හි පොලිසිය වටලනු ලැබීය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටා තිබෙන්නේ ඩවුනිං වීදියේ ය.



සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි