×

වසර 27කට පසු බුකර් ප්‍රයිස් ත්‍යාගය ලේඛිකාවන් දෙදෙනෙකුට! ඉතිහාසයේ පළමු වරට කළු ජාතික ලේඛිකාවක් ද ඒ අතර!!

මාග්‍රට් ඇට්වුඩ් ගේ The Testament කෘතියත්, බර්නාඩින් එවරිස්ටෝ ගේ Girl, Woman, Other කෘතියත් වෙන්කළ නොහැකි තරමට ශ්‍රේෂ්ඨ කලාකෘතීන් බව විනිසුරුවරුනගේ මතයයි.


මාග්‍රට් ඇට්වුඩ් සහ බර්නාඩින් එවරිස්ටෝ යන ලේඛිකාවන් දෙදෙනා විසින් මෙවර 2019 බුකර් ප්‍රයිස් ත්‍යාගය ඒකාබද්ධව ජයග්‍රහණය කිරීමට සමත් ව ඇත.

විනිසුරුවරුන් විසින් තරඟයේ නීති සංශෝධනය කරමින් මෙම ත්‍යාගය අදාල ලේඛිකාවන් දෙදෙනා වෙත පිරිනැමීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

මෙවර බුකර් ප්‍රයිස් ත්‍යාගලාභීන් ගේ විශේෂත්වය වන්නේ ඉතිහාසයේ පළමු වරට කළුජාතික කාන්තාවක් ද ඒ අතර සිටීමයි. ඈ බර්නාඩින් එවරිස්ටෝ ය.

බුකර් ප්‍රයිස් නීති වලට අනුව ත්‍යාගය බෙදා ලබාදීමක් සිදුකළ නොහැකි මුත් විනිසරුවරුන් පෙන්වා දුන්නේ මාග්‍රට් ඇට්වුඩ් ගේ The Testament කෘතියත්, බර්නාඩින් එවරිස්ටෝ ගේ Girl, Woman, Other කෘතියත් වෙන්කළ නොහැකි තරමට ශ්‍රේෂ්ඨ කලාකෘතීන් බවයි.

බුකර් ප්‍රයිස් ත්‍යාගය ලබා දීම ආරම්භ වන්නේ 1969 වර්ෂයේය. මෙම තරඟාවලිය එක්සත් රාජධානියේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ප්‍රකාශයට පත් කරන ලද හොඳම නවකතාව සඳහා සෑම වසරකම පිරිනමන සාහිත්‍ය ත්‍යාගයකි.

බුකර් ප්‍රයිස් ත්‍යාගය පළමුවරට ඒකාබද්ධ ත්‍යාගයක් ලෙස ලේඛකයින් දෙදෙනෙකුට පිරිනැමෙන්නේ 1992 වර්ෂයේදීය. පසුව නීති වෙනස් කරන ලද අතර සංවිධායකයින් මේ වසරේ විනිසුරුවන්ට පැවසුවේ ජයග්‍රාහකයින් දෙදෙනෙකු තෝරා ගැනීමට ඔවුන්ට අවසර නොමැති බවයි. කෙසේවෙතත්, පැය පහක සාකච්ඡා කිරීමෙන් පසු පස් දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයේ සභාපති පීටර් ෆ්ලෝරන්ස් පවසා තිබෙන්නේ නීති රීති උල්ලංඝනය කිරීම ඔවුන්ගේ තීරණයක් යනුවෙනි.

එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ 2018 ඔක්තෝබර් සිට 2019 සැප්තැම්බර් දක්වා ප්‍රකාශයට පත් කරන ලද ඉංග්‍රීසි කෘතීන් අතරින් බුකර් ප්‍රයිස් ත්‍යාගය සඳහා ඉදිරිපත් කළ කෘතීන් 151 ක් කෙටි ලැයිස්තුකරණය වූ අතර ඉන් ද අවසාන සය දෙනා අතරට තේරී පත්වූ මාග්‍රට් ඇට්වුඩ් සහ බර්නාඩින් එවරිස්ටෝ සම මට්ටමින් ජයග්‍රහණය ලබා ඇත.

පසුගිය වසරේ බුකර් ප්‍රයිස් ජයග්‍රාහකයා වූයේ උතුරු අයර්ලන්ත ලේඛක ඇනා බර්න්ස් ය. ඒ ඈගේ Milkman නම් නවකතාවට ය. එය පිටපත් 546,500 ක් අලෙවි වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි