×

Elon Musk සහ Mark Zuckerberg ගේ අලුත්ම සටන!

ලෝකයේ ඉහළම මට්ටමේ තාක්ෂණික අංශයන්හි ප්‍රධානී ප්‍රකෝටිපතියන් දෙදෙනෙකු වන එලොන් මස්ක් සහ මාර්ක් සකර්බර්ග් කූඩුවක් තුළ පවත්වන ද්වන්ද සටනකට මුහුණ දී එකිනෙකා සමඟ සටන් කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එලෝන් මස්ක් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන ට්විටර් හි පණිවිඩයක් පළ කරමින් ඔහු මාර්ක් සකර්බර්ග් සමඟ “Cage සටනකට සූදානම්” බවයි. ෆේස්බුක් සහ […]


ලෝකයේ ඉහළම මට්ටමේ තාක්ෂණික අංශයන්හි ප්‍රධානී ප්‍රකෝටිපතියන් දෙදෙනෙකු වන එලොන් මස්ක් සහ මාර්ක් සකර්බර්ග් කූඩුවක් තුළ පවත්වන ද්වන්ද සටනකට මුහුණ දී එකිනෙකා සමඟ සටන් කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එලෝන් මස්ක් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන ට්විටර් හි පණිවිඩයක් පළ කරමින් ඔහු මාර්ක් සකර්බර්ග් සමඟ “Cage සටනකට සූදානම්” බවයි.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් මව් සමාගම වන මෙටා හි ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් පසුව “මට ස්ථානය එවන්න” යන පිළිතුර සඳහන් හෙඩ් ලයින් එකක් සමාජ මාධ්‍ය කලඹන්න විය.

මේ ලොක්කෝ දෙන්නා මේ කරන්න හඳන අලුත්ම සෙල්ලම මොකක්ද?

Octagon යනු Ultimate Fighting Championship (UFC) තරඟ සඳහා භාවිතා කරන තරඟ පැදුර සහ වැටක් සහිත ප්‍රදේශයයි. UFC පදනම් වී ඇත්තේ නෙවාඩා හි ලාස් වේගාස් හි ය.

මේ මස අගදී 52 වන වියට පා තබන මස්ක්ට මේ සෑදී ඇත්තේ මොන වගේ උනක් ද? ඔහු පසුව walruses පිළිබඳ කෙටි වීඩියෝ ට්වීට් කළේය.

සමහර විට ඔහු සකර්බර්ග් කළ අභියෝගය සම්පූර්ණයෙන්ම බරපතල නොවිය හැකි යැයි ද යෝජනා කළේය.

කෙසේ වෙතත් 39 හැවිරිදි සකර්බර්ග් දැනටමත් martial arts කලාවන් (MMA) පුහුණු වී ඇති අතර මෑතකදී jiu-jitsu තරඟාවලි ජයග්‍රහණය කර ඇත.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි