×

ලෝක සිතියමට අලුතෙන් එකතු වන නූතන රොබින්සන් කෘෘසෝ දූපත

කිලෝමීටර 40 ක් පුරා විහිදෙන, නෙදර්ලන්තයේ පිහිටා ඇති මේ බිම්කඩ මේ තරම් සුවිශේෂී වී ලෝක සිතියම අලුතෙන් අඳින්නට සිද්ධ කරනු ඇතැයි මීට ටික කලකට පෙර කිසිවෙකු සිතුවේ නැත.



එහි නම ‘මාකර්මියර්‘ Markermeer ය. ‘නූතන රොබින්සන් කෘෘසෝ දූපත‘ යැයි ද එයට කියනු ලැබේ. කෙසේ නමුත් එය දූපතක් නොව දූපත් සමූහයක් හෙවත් කොදෙව්වකි. එය පිහිටා තිබෙන්නේ නෙදර්ලන්තයේ දකුණුතම කෙළවරේ ය.

එය නිරන්තර ගං වතුරෙන් යටවෙයි. අසල පිහිටා තිබෙන එන්කුහිසෙන්, හූන් සහ ලෙලිස්ටැඩ් වැනි ඕලන්ද නගරවලට පැමිණෙන සංචාරකයන් පවා එය නරඹන්නට යාමක් ගැන කිසිදා සිතුවේ නැත. නමුත් සියල්ල වේගයෙන් වෙනස් වෙමින් තිබේ. තුන් වසරකට පෙර කොළයක් මත තිබූ සංකල්පයක් පමණක් වූ එය අද වන විට ෆ්ලේවොලන්ඩ් හි පිහිටා ඇති සුන්දරතම රක්ෂිතය බවට පත්ව ඇත. සැබවින්ම එය මිනිසා විසින් ප්‍රතිනිර්මාණය කරන ලද කෘත්‍රිම බිම්කඩකි.

Marker Wadden නමැති ගැඹුරු විලක්, ජීවය නලියන වගුරු බිම්, බට පඳුරු සහ පක්ෂීන්ගේ කැදලි බිම් එහි සොබා සුන්දරත්වය දියුණු තියුණු කරයි.

At the latest count, some 120 species of birds have arrived at Marker Wadden (Credit: Credit: Mike MacEacheran)
දළ වශයෙන් පක්ෂි විශේෂ 120 ක් මෙහි ජීවත් වෙති. (Credit: Mike MacEacheran)

මේ වන විට අවම වශයෙන් පක්ෂි විශේෂ 120 ක් මේ බිම කරා පැමිණ ඇත. මේ වන විට එය පාත්තයන්, මුහුදු ලිහිණින්, මුහුදු තාරාවුන් (eider duck ), දියකාවුන්, ස්පූන්බිල් පක්ෂීන් යනාදීන් නිතර යන එන – රැඳෙන තැනකි. තවද එහි කැදලි තනන පක්ෂි විශේෂ 2200 කට වඩා සිටිති. වර්ග හතරක වවුලන්, දහස් සංඛ්‍යාත කෘමීන් සමග වෙනස් ශාක විශේෂ 170 ක් පමණ ද ඔබට මෙහිදී හමු වේ.

කලක් නොසලකා හැර තිබූ මේ මුඩු බිම, හරිත නිකේතනයක් කළ නූතන රොබින්සන් කෘෘසෝ දැන් අපි මුණ ගැසෙමු. මේ සුවිසල් ජෛව විවිධත්වයේ, කෘත්‍රිම කොදෙව්වේ නිමැයුම්කරුවා ඔහු ය.

නූතන රොබින්සන් කෘෘසෝ

ඔහුගේ නම රොයෙල් පොස්තූන් (Roel Posthoorn) ය. නෙදර්ලන්තය මුල් කරගෙන ක්‍රියාත්මක වන Natuurmonumenten නමැති ලාභ නොලබන පරිසර සංරක්ෂණ සංවිධානයේ ප්‍රධානියා ද ඔහු ය.

Roel Posthoorn's vision has turned the Markermeer into a spectacular wildlife pocket (Credit: Credit: Mike MacEacheran)
Roel Posthoorn’s vision has turned the Markermeer into a spectacular wildlife pocket (Credit: Mike MacEacheran)

පුරා වසර 40 ක් තිස්සේ නෙදර්ලන්ත රජය මාකර්මියර් හි පිරිහෙන ජෛව විවිධත්වයෙන් යුක්ත මේ බිම්කඩ නැවත පණ ගැන්වීමට උත්සාහ කරමින් සිටියේය. එහි ස්වභාවික වෙරළ රේඛා අතුරුදන් වෙමින් තිබූ අතර මඩ සහිත ද්‍රෝණියක් නිර්මාණය වෙමින් තිබුණේය. මත්ස්‍ය ගහණය සීඝ්‍රයෙන් පහළ වැටුණේය. රොයෙල් මෙයට මැදිහත් වන්නේ එයින් අනතුරුව ය.

‘‘පිටස්තරයෙක් විදිහට මට එය ආරක්ෂා කර ගන්නට දැඩි උවමනාවක් ඇති වුණා.‘‘ යැයි රොයෙල් පවසයි. ඔහු පරිසර සංරක්ෂණය සහ සොබාදම් කළමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇත්තෙකි. සැබවින්ම මේ බිම්කඩ අයත් වන ෆ්ලේවොලන්තය හෙවත් ෆ්ලේව්ලන්ඩ් ද සම්පූර්ණයෙන්ම මිනිසා විසින් නිර්මාණය කළ කෘත්‍රිම පළාතකි. එය 1950-60 දශකවලදී ගොඩනැංවූවකි.

ජීවය බිහිවන්නේ ජලය මුල්කරගෙනය යන සනාතන දහම සිතේ රඳවාගත් රොයෙල් ජෛව විවිධත්වය ප්‍රතිනිිර්මාණය කිරීමේදී කේන්ද්‍රය ලෙස තෝරාගත්තේ මාකර් වැඩ්න් විලයි.
Dutch Postcode Lottery හෙවත් නෙදර්ලන්ත ලොතරැයි මණ්ඩලයද මේ ව්‍යායාමයේදී ඔහු සමග එක්විය.

Visitors to Marker Wadden can have an experience they can’t have anywhere else in Europe (Credit: Credit: Mike MacEacheran)
Visitors to Marker Wadden can have an experience they can’t have anywhere else in Europe (Credit: Mike MacEacheran

මාස කිහිපයක් ඇතුළත පල් වූ ජලය නැවුම් ජලයෙන් පිරෙන්නට පටන් ගත්තේද, අලුත් පක්ෂී විශේෂ සංක්‍රමණය වීමට පටන් ගත්තේ ද එක වරය. 2018 වසරේදී පිහිටවූ නියූ ගොඩබිම් ජාතික වනෝද්‍යානය සමග මෙම කොදෙව්ව සංරක්ෂණය සම්බන්ධ කරනු ලැබිණි. මේ වන විට සෆාරි ජීප් රථවලින් ගොස් නැරඹිය හැකි තරමේ ජෛව විවිධත්වයක් මෙයට තිබේ. යුරෝපයේ අන් කිසිතැනකදී ලබාගත නොහැකි අපූර්ව අත්දැකීමක් මෙහිදී සංචාරකයන් හට ලබාගත හැකිය.

A periscope-shaped observation tower is accessible to the public (Credit: Credit: Mike MacEacheran)
පෙරිස්කෝපයක හැඩය ගත් නිරීක්ෂණ කුලුන මහජනයා සඳහා දැන් විවෘත ය. (Credit: Mike MacEacheran)
Marker Wadden was built with reclaimed land from the Markermeer (Credit: Credit: Mike MacEacheran)
Marker Wadden was built with reclaimed land from the Markermeer (Credit: Mike MacEacheran)

ලබන වසරේදී සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු නිම වී පූර්ණ ජෛව විවිධත්ව කොදෙව්වක් ලෙස ලෝකයට විවෘත වන මේ අනගි දූපත් එකතුව, ඉන්දියානු සාගරයේ පාරාදීසයක් ගළවාගෙන ගොස් නෙදර්ලන්තයේ අගිස්සේ සිටවූවාක් වැනි යැයි බීබීසී පුවත් සේවය පවසයි.

Islands of Imagination – BBC Travel series ඇසුරෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි