×

අඟහරු ජනපදකරණයට අලුත් බලාපොරොත්තුවක්! හිමායිත ශුක්‍රාණු අභ්‍යවකාශයේදීත් සුරක්ෂිත බව හෙළිවේ

මේත් සමග ඉදිරියේදී අඟහරු වෙත මෙහෙයුම් සදහා යන සියළු අභ්‍යවකාශ ගාමීන් කාන්තාවන්ගෙන් පමණක් සමන්විත කණ්ඩායම් වනු ඇති වීම ඉතා රසවත් කරුණකි.


අභ්‍යවකාශයට යන කාන්තා අභ්‍යවකාශගාමීනියන්ට පුරුෂයෙකුගේ සහය නොමැතිව වර්ගයා බෝකිරීමේ කාර්යයෙහි නියැළිය හැකි බව නවතම පර්යේෂණ වලින් හෙලි වේ. ඒ හිමායිත
frozen   ශුක්‍රාණු වලට අභ්‍යවකාශයේදී කිසිදු හානියකින් තොරව නැවත ජීවයක් ලබා ගත හැකි පරිදි පැවතිය හැකි බව අනාවරණය වීමත් සමගිනි.

මෙම පර්යේෂණයන් මගින් අනාවරණය කරගෙන ඇත්තේ මිනිසාට කෙසේවත් යා නොහැකි ඉතා අඩු ගුරුත්වාකර්ෂණයක් (microgravity)  යටතේ තැබූ හිමායිත ශුක්‍රාණු මෙන්ම සාමාන්‍ය පොළව මත තැබූ ශුක්‍රාණු අතර වෙනසක් සිදුව නැති බවයි. ඒ අනුව පෘථුවියෙන් එපිට අභ්‍යවකාශයේ ස්ථාපිත කෙරෙන හිමායිත ශ්‍රක්‍රාණු බැංකුවක් මගින් මතු දිනෙක පෘථුවියෙන් පිට නව මිනිස් ජනපද බිහිකරන්නට හැකි වනු ඇති බවට අපේක්ෂා කරයි.

පෘථිවියෙන් එපිට අභ්‍යවකාශයේ ජීවය ස්ඛාපිත කිරීම සම්බන්ධව වඩාත් සුදුසු පරිසරයක් ඇත්තේ අගහරු ග්‍රහලෝකය තුළ බව මෙතෙක් පරීක්ෂණ වලින් නාසා විසින් තහවුරු කර ඇත.


This aerial photo taken on April 17, 2019 shows a Mars base simulator in the Gobi desert, some 40 km from Jinchang in China’s northwest Gansu province.

මේත් සමග ඉදිරියේදී අගහරු වෙත මෙහෙයුම් සදහා යන සියළු අභ්‍යවකාශ ගාමීන් කාන්තාවන්ගෙන් පමණක් සමන්විත කණ්ඩායම් වනු ඇති වීම ඉතා රසවත් කරුණකි.

බ්‍රිතාන්‍යයේ පළමු අජටාකාශගාමී හෙලන් ෂර්මන් 2017 වසරේ පැවති සමුළුවකදී කළ කථාවකදී ප්‍රකාශ කලේ අගහරු වෙත සිදු කරන අභ්‍යවකාශ මෙහෙයුම් වලදී අභ්‍යවකාශ කාර්ය මණ්ඩලයන්හී  ලිංගික එක්වීම් පිළිබදව අපේක්ෂාවන් ගැන නාසා මගින් සිදු කෙරුණ ගවේෂණයන්ගේ හෙළි නොකළ වාර්ථා පවතින බවයි.

මේ පිළිබදව අදාල පර්යේෂණයේදී සෞඛ්‍ය සම්පන්න පුර්ෂයින් දස දෙනෙකුගේ ශුක්‍රාණු හිමායනය කොට අවම ගුරුත්වාකර්ෂණයක් යටතේ තැන්පත් කර ඒවායේ සාඵල්‍යතා ශක්තිය, සචලතාව, ඩී එන් ඒ ඛන්ඩනීකරණය ආදිය පිළිබද පරීක්ෂණ සිදු කර ඇත.

මෙම පර්යේෂණ අධ්‍යයන වාර්ථාව පසුගිය ඉරිදා ඔස්ට්‍රියාවේ වියානා හී පැවති European Society of Human Reproduction and Embryology හී වාර්ෂික හමුවේදී එළිදක්වනු ලැබීය.


බාසිලෝනා හී කාන්තා සෞඛ්‍ය කයුතු පිළිබදව විශේෂඥ මොන්ට්සර්ට් බොආඩා ද මෙම පර්යේෂණයේදී වැදගත් දායකත් වයක් දැක්වූ අතර ඇය ප්‍රකාශ කරන්නේ හිමායිත මිනිස් ජන්මානු ගුරුත්වාකර්ෂණය මගින් කිසිදු බලපෑමක් නැති බවයි.
මේ සම්බන්ධව තවදුරටත් පර්යේෂණ සිදු කිරීම සිය අරමුණ බව පැහැදිලි කළ පර්යේෂකයින් කණ්ඩායම එහිදී විෂේෂයෙන්ම කාලය සම්බන්ධව අවධානය යොමු වනු ඇති බවට අවධාරණය කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි