×

නවුකාවක් ගැටීම හේතුවෙන් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටේ(video)

මේරිලන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ Km දිගින් යුත් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම DALI නම් සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකා වක ගැටීම හේතුවෙන් සම්පුර්ණයෙන්ම පැටප්ස්කෝ ගඟට කඩා වැටී ඇති බව වාර්තා වේ.

පාලම කැඩී යන අවස්ථාවේ පුද්ගලයන් 20 දෙනෙකු පමණ හා වාහන කිහිපයක් ගඟට වැටි ඇති අතර ජිවිත හානි කිසිවක් වාර්තා නොවේ. බැල්ටිමෝර් සිටි ගිනි නිවන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙය මහා විනාශයක් බවයි.

මේරිලන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එක්සත් ජනපදයේ විශාලතම වරාය වන බැල්ටිමෝර් වරාය අසල පිහිටා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි