ඒවා ඇතිවීමට හේතුව, තවමත් හෙළි කර නොගත් අබිරහසකි.
මේ මහා ආවාටයන් පිළිබඳ තොරතුරු ලොවට හෙළිදරව් වූයේ රුසියානු රූපවාහිනී කණ්ඩායමක් අඩි 100 ක් පමණ ගැඹුරු විවරයක් මතින් පියාසර කිරීමට සමත් වීමත් සමග ය. එය මීටර 20ක පමණ විශ්කම්භයකින් යුතු විය. සොබාදහමේ මහා පිපුරුමකට හැර මෙවැනි විවරයක් ඇති කිරීමට නොහැකි ය.
2013 වසරේ පටන් මේ දක්වා මෙවැනි මහා භූ විවර 9 ක් පමණ මේ කලාපයේ දිස් වී තිබේ. මේවායේ ඇති අබිරහස් බව නිසාම මේ පිළිබඳ විවිධ මත කලින් කලට පළ විය.
මෙවැනි පළමු ආවාටය දිස්වුණේ වයඹ දිග සයිබීරියාවේ යමාල් අර්ධද්වීපයේ තෙල් සහ ගෑස් ක්ෂේත්‍රයකිනි. මේ සමගම මෙය පිටසක්වළ ක්‍රියාකාරකමක් යැයි ද මත පළ විය. ඒ අනුව හඳුනානොගත් පියාඹන වස්තුවක් (UFO) ගොඩබෑමක් මෙහිදී සිදුවී ඇති බවටද, රහස් භූගත හමුදා සංචිතාගාරයක් කඩාවැටීම නිසා මෙය සිදුවන්නට ඇති බවට ද මත පළ විය.
නමුත් මේ වන විට විද්‍යාඥයන් සිතන්නේ මෙය මහා මීතේන් පිපුරුමක ප්‍රතිඵලයක් විය යුතු බවයි. එය, කලාපයේ උෂ්ණත්වය පෙර නොවූ විරූ අන්දමින් ඉහළ යාමේ ප්‍රතිඵලයකි. කෙසේ වෙතත් මේ බව පර්යේෂණ ගණනාවකින් පසුව හෙළිදරව් කරගත යුතු ව තිබේ.
‘‘දැනට මේවා සොයාගෙන තිබෙන්නේ සැලසුම් නොකළ විද්‍යාත්මක නොවන සංචාරවලින්, දඩයක්කාරයන් විසින් හෝ පිණිමුව කරත්තකරුවන් විසින්..‘‘ යැයි Skolkovo Institute of Science and Technology’s Center for Hydrocarbon Recover හි ප්‍රධාන විද්‍යා පර්යේෂක ඉව්ජිනි චුව්ලින් පවසයි.
රුසියානු කලාපයේ පසෙන් තුනෙන් දෙකක් වැසී තිබෙන්නේ Permafrost ලෙස හඳුන්වන නිත්‍ය තුහින, එනම් සදාකාලිකව හිමට යට වූ පස්වලිනි.
2013 වසරේදි සොයාගත්, 2014 වසරේදී ශීර්ෂපාඨ මැවූ ‘යමාල් ආවාටය‘ ඇති වී තිබුණේ නිත්‍ය තුහින තුළ ය.
චුව්ලින් සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම මෙවැනි විවර වෙත පිය නැගීමට සමත් වූ ලෝකයේ අතළොස්සට අයත් වෙති. මෙවැනි විවරයන් ඇති වී වසර 2 ක් ඇතුළත ඒවා මහා විල් බවට පත් වන බව ඔවුන් පවසන්නේ අත්දැකීමෙනි.
කෙසේ වෙතත්, නිත්‍ය තුහින සාම්පල, විවරය තුළ තිබෙන අයිස් සහ විවරය අවට තිබෙන අයිස් සහ ආවාටය පිටත තිබෙන අයිස් සාම්පල මෙවැනි ගමන්වලදී පර්යේෂකයෝ එක්රැස් කර ගනිති.
2017 වසරේදී මේ අන්දමින් එර්කුටා ආවාටයේ සාම්පල එක්රැස් කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ. එර්කුටා ආවාටය පිහිටා තිබුණේ උකුස්සන් (ෆැල්කන් පක්ෂීන්) ගේ කැදලි බහුල ප්‍රදේශයක ය.
‘‘මේ ආවාටවල ජීව කාලය ඉතාම සීමිතයි. ඒවා ඉතා ඉක්මනින් විල් බවට පත් වෙනවා..‘‘ යැයි විද්‍යාඥයෝ කියති. ‘එක් ආක්ටික් ආවාටයක් සොයාගෙන විද්‍යාඥයන් ඒ ගැන පර්යේෂණ කරන්නට යන විට එහි මුල් ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා..‘‘
ඔවුන්ගේ පර්යේෂණයේ ප්‍රතිඵල ජූනි මාසයේදී එළිදක්වන ලද අතර, එහිදී පෙනී ගියේ ප්‍රධාන වශයෙන්ම මීතේන් ඇතුළු ගෑස් වර්ග කිහිපයක් එයින් නිකුත් වන බව ය. ඒවා බහුවිධ මූලාශ්‍රයන්ගෙන් නිකුත් වෙමින් තිබිණි. එනම්, පෘථිවියේ ගැඹුරුම ස්ථරයන්ගෙන් මෙන්ම මතුපිට ස්ථරයන්ගෙන් ද මේ වායුව නිකුත් වන බව පෙනී ගියේය.
තවද මෙම මීතේන් ඇතුළු මහා ආවාටවලින් නිකුත් වන වායුව, නිත්‍ය තුහිනයේ මතුපිට ස්ථර පුපුරුවා හරිමින් විශාල ගල් පවා කැබලි සහ කුඩු බවට පත් කිරීමට සමත් බව ද ඔවුහු සොයාගත්හ.
කෙසේ වෙතත් යුරේකා ආවාටය පත්වූයේ ජලය පිරුණු විලක් බවට නොව හිස් වියළි විලක් බවට ය. මෙවැනි කලාප underlake talik යනුවෙන් හඳුන්වයි. එහි තේරුම මේ තුළ, සෙමෙන් මිදී යන්නට නියමිත නොමිදුණු පස් තිබෙන බව ය. ඒවා විල වියළී ගිය පසුව සෙමෙන් මිදෙන්නට පටන් ගෙන, ආතතියක් නිර්මාණය කර ගනියි. අවසානයේදී බලගතු පිපිරීම් නිර්මාණය කරයි. මෙය අයිස් ගිනිකඳු හෙවත් හිම ගිනිකඳු වර්ගයකි.
මේ අතර, විද්‍යාඥයන් සොයගත්තේ මේ කලාපයේ අතිශය අසාමාන්‍ය ගිම්හාන සෘතුන් පවතින බව ය. එනම් උෂ්ණත්වය ගතවූ කාලයේදී අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ය. මෙය, මීතේන් වායු විමෝචනය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස දැක්වේ. පසුගිය ජූනි මාසයේදී හිම මිදුණු සයිබීරියාවේ ලැව්ගිනි වලට සමාන ලෙස කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වූයේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. 2012, 2016 සහ 2020 යන වසරවල සයිබීරියානු කලාපයේ ඉතා දරුණු ගිම්හානයන් වාර්තා වේ.
හිම තුහින තුළින් මීතේන් වායුව නිකුත් වීම හේතුවෙන් ‘ක්‍රයොපෙග්‘ (cryopeg) නමැති සංසිද්ධිය හටගනියි. එනම් නොමිදුණු හිම ස්ථරයක් ද නිර්මාණය වෙයි. එය කිසිදාක නොමිදෙන්නේ එහි ලවණ සංයුතිය, භූගත අයිස්වල ලවණ සංයුතියට වඩා අඩු නිසා ය. මෙහිදී නිර්මාණය වන්නේ උගුලකි. එවිට අයිස් සහ පස් අංශුවල හැඩය විකෘති කරමින් පස් ගොඩැලි හටගනියි. ඉන් අනතුරුව උණුසුම් ගිම්හානයන්හිදී ඒ අවකාශ තුළ ‘තාපය සිර වෙයි‘. ඉන්පසු විවර ඇති කරමින් පස් ගොඩැලි පුපුරා යයි. ආවාට බිහි වෙයි.
මේවා මෙසේ පුපුරා යන අන්දම දුටු කිහිප දෙනෙක් ද වෙති. එක් අයෙක්, 2017 වසරේදී යමාල් අර්ධද්වීපයේ සිය පිනිමුවන් බැඳි කරත්තය පදවමින් සිටි තැනැත්තියකි.
සෑම උදෑසනකම ඇය ගංගාව තරණය කර එම තුන්ද්‍රාව වෙත යමින් සිටියේ ඇගේ රෙයින්ඩියර් මුවන් (පිණි මුවන්) සිටින්නේ කොහේදැයි එතැන සිට හොඳින්ම පෙනෙන නිසා ය. එම ස්ථානය උසම තැන වීම එයට හේතුවයි. පිපිරීම සිදුවන විට ඇය සිටියේ එතැනට මිටර 200-300 ක් ඈතිනි. ඇය තවත් සමීපයට ගියේ නම් ඇය පිපිරීමට හසුව මිය යාමට පවා ඉඩ තිබිණි.
මෙම පළාතේ එඬේර ජනපදවල වෙසෙන ඇතැම් වයස්ගත පුද්ගලයන් පවසන්නේ තමන්ගේ වැඩිහිටියන්, මේ ආකාරයේ අබිරහස් පිපිරීම් ගැන තමන් සමග කියා ඇති බවයි.
කෙසේ නමුත් මේ දීර්ඝ පර්යේෂණ සාරාංශගත කළ විට අපට හමුවන්නේ මෙවැනි කතාන්දරයකි.
ආක්ටික් තුන්ද්‍රාව, මිහිතලය උණුසුම්වීමත් සමග මහා ආවාට තනමින් තැනින් තැන පුපුරා යමින් තිබේ.
එසේ ඇතිවන ආවාට, මීතේන් වායුව පොම්ප කරමින් තිබේ.
මීතේන් වායුව ද හරිතාගාර වායුවකි. එනම්, මිහිතලය උණුසුම් කරන ප්‍රධානතම වායුවකි.
එසේ නම් මේ කතාව අපට නොකියා කියන්නේ මිනිසා විසින් මිහිතලය උණුසුම් කරන විට සොබාදහම එයට ප්‍රතික්‍රියා දක්වමින් මිහිතලය තවදුරටත් උණුසුම් කර, මිනිසාට තමන් කරන වරද තේරුම් කරමින් සිටින බව ද?
වරද පෙන්වා දුන් පසු ‘හැදුණු‘ මිනිසුන් මේ ලෝකයේ සිටින්නේ කොයි තරම් අඩුවෙන්ද?
ඒ නිසා සොබාදහමත් සමගම පිපිරී යන තෙක්ම මිනිසා මේ බව තේරුම් ගනීවිද…?
Main Photo:
An aerial view of the newest crater that appeared this year. It’s one of the largest that has appeared so far. In August 2020, the RAS Institute of Oil and Gas Problems, supported by the local Yamal authorities, conducted a major expedition to the new crater. Skoltech researchers were part of the final stages of that expedition. Credit: Evgeny Chuvilin