×

හවායිහි ලැවූගිනි මරණ සංඛ්‍යාව 111 දක්වා ඉහළට

ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් ප්‍රකාශ කර තිබුණේ, ලැව්ගිනි පිළිස්සුම් ප්‍රදේශවලින් තුනෙන් එකක් පමණ මේ වන විට සෝදිසි කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවයි.


සියවසකට වැඩි කාලයකදී එක්සත් ජනපදයේ ඇති වූ මාරාන්තික ම ලැව්ගින්න හේතුවෙන් හවායිහි රාජකීය අගනුවර වූ ලහයිනා මේවන විට ආදාහනාගාරයක් බවට පත්ව ඇති අතර නිල මරණ මේවන විට 111 දක්වා වාර්තා වී තිබේ.

සෝදිසි කිරීමේ ප්‍රයත්නයන් තවදුරටත් අඛණ්ඩවම සිදුවෙමින් පවතින අතර හවායිහි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් ප්‍රකාශ කර තිබුණේ, ලැව්ගිනි පිළිස්සුම් ප්‍රදේශවලින් තුනෙන් එකක් පමණ මේ වන විට සෝදිසි කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවයි.

බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ අතුරුදන් වුවන් පිලිබදව නිවරැදී තොරතුරු ඉදිරිපත් අසීරු බවත් ඔවුනගේ DNA සාම්පල හරහා සොයා බැලීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත්ය.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි