×

Meta සමාගමෙන් අලුත් වැඩක්!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ජනතාවගේ පෞද්ගලික තොරතුරු වල ආරක්ෂාව වෙනුවෙන් , Meta සමාගම විසින් Facebook සහ Instagram හි පණිවුඩ සම්පුර්ණයෙන්ම සුරක්ෂිත කිරීම ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සමාජ මාධ්‍ය දැවැන්තයා වන Facebookහි පරිශීලකයන්ගේ පණිවුඩවල end-to-end encryption අංගය ස්වයංක්‍රියව ආරම්භ වී ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ සියලුදෙනාට එම වෙනස ලබා ගත […]


සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනතාවගේ පෞද්ගලික තොරතුරු වල ආරක්ෂාව වෙනුවෙන් , Meta සමාගම විසින් Facebook සහ Instagram හි පණිවුඩ සම්පුර්ණයෙන්ම සුරක්ෂිත කිරීම ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සමාජ මාධ්‍ය දැවැන්තයා වන Facebookහි පරිශීලකයන්ගේ පණිවුඩවල end-to-end encryption අංගය ස්වයංක්‍රියව ආරම්භ වී ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ සියලුදෙනාට එම වෙනස ලබා ගත හැකි බව සඳහන් වේ.

Instagram හි සෘජු පණිවුඩවලටත් (Direct Messeges) end-to-end encryption අංගය ලබන අවුරුද්දේ සිට ලබා ගත හැකි බවද සඳහන් වේ

end-to-end encryption සේවාව මගින් Facebook, Instagram පරිශීලකයින්ට සංකේතනය කිරීමේ විශේෂාංගය මගින් පණිවුඩයක් යවන්නාට සහ එය ලබන්නන්ට පමණක් කියවීමට ඉඩ සලසයි.

Meta සමාගම WhatsApp යෙදුමට දැනටමත් end-to-end encryption අංගය හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි