×

මිචෙල් ඔබාමාගේ “බිකමින්” කෘතිය ග්‍රැමී සම්මනයෙන් පිදුම් ලබයි.

හිටපු ආර්යාව වන මිචෙල් ඔබාමා සිය “බිකමින්” කෘතිය වෙනුවෙන් සිය පළමු ග්‍රැමී සම්මානය හිමිකරගෙන තිබේ. මෙය ඔබාමා පවුලට ලැබුණු තුන්වන ග්‍රැමී සම්මානයයි.


හිටපු ආර්යාව වන මිචෙල් ඔබාමා සිය “බිකමින්” කෘතිය වෙනුවෙන් සිය පළමු ග්‍රැමී සම්මානය හිමිකරගෙන තිබේ. මෙය ඔබාමා පවුලට ලැබුණු තුන්වන ග්‍රැමී සම්මානයයි.

මිචෙල් ඔබාමාගේ ස්වාමිපුරුෂයා නැතහොත් හිටපු ජනාධිපති බරැක් ඔබාමා 2006 සහ 2008 දී “ඩ්‍රීම්ස් ඔෆ් මයි ෆාදර්” සහ “ද ඕඩසිටි ඔෆ් හෝප්” යන මතක සටහන් වල ඕඩියෝබුක් වෙනුවෙන් ග්‍රැමී සම්මාන දිනා ගත්තේය.

හොඳම කෘතිය සඳහා මිචෙල් ඔබාමාගේ කෘතිය, යෝජින කෘති වන ජෝන් වෝටර්ස් සහ බීස්ටි බෝයිස් යන අය පරාජය කරමින් සම්මානයට පාත්‍ර විය. නමුත් ඇය සම්මාන පිදෙන උත්සවයට සහභාගි නොවීය.

“බිකමින්” කෘතියේ පිටපත් මිලියන ගණනක් ලොව පුරා අලෙවිව ඇති අතර 2012 වසරේදී නිකුත් වූ “ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ” කෘතියට පසු ඇමසන් තුළ වැඩිම කාලයක් අලෙවි වූ කෘතිය ලෙස බිකමින් වාර්තා අතරට පමිණ ඇත.

මෙම කෘතියේ අන්තර්ගත වන්නේ චිකාගෝ සිට ඇමරිකාවේ ධවල මන්දිරය දක්වා ඇය ආ ගමන් මඟයි.

හොඳම කෘතියක් සඳහා ග්‍රැමී සම්මානයක් දිනාගත් එකම හිටපු ආර්යාව මිචෙල් ඔබාමා නොවේ. හිලරි ක්ලින්ටන් 2003 දී “ලිවින් හිස්ට්‍රි” කෘතිය වෙනුවෙන් ග්‍රැමී සම්මානයක් දිනා ගත්තාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි