×

එක්සත් ජනපද අධිකරණය නැවත වරක් කාන්තාවකගේ සෞඛ්‍ය ආරක්ෂණ අයිතියට අත ගසයි

FDA, American College of Obstetrics and Gynecologists (ACOG) සහ අනෙකුත් ප්‍රධාන ධාරාවේ වෛද්‍ය සංවිධාන පවසන්නේ මයිෆෙප්‍රිස්ටෝන් භාවිතය සඳහා ආරක්ෂිත බවයි.


ටෙක්සාස් හි ෆෙඩරල් විනිසුරුවරයෙකු වන මැතිව් කැස්මරික් විසින් අධිකරණ නියෝගයක් හරහා ගබ්සා ඖෂධයක් වන මයිෆෙප්‍රිස්ටෝන්( mifepristone) වෙනුවෙන් ආහාර හා ඖෂධ පරිපාලනයේ අනුමැතිය නතර කර ඇති බව වාර්තා වේ. මෙහිදී ඔහු තර්ක කර ඇත්තේ ඖෂධයේ ආරක්ෂාව කිසි විටෙකත් නිසි ලෙස අධ්‍යයනය කර නොමැති බවයි.

මයිෆෙප්‍රිස්ටෝන් ඵලදායී ලෙස ගැබ් ගැනීම නවත්වන ඖෂධයක් වන අතර, මෙම තීන්දුවත් සමඟ මිලියන ගණනක් කාන්තාවන් සඳහා ඖෂධ සඳහා වන ප්‍රවේශය සීමා කර ඇත. ගර්භනී සති හතක් දක්වා ගැබ් ගැනීම අවසන් කිරීම සඳහා එය මුලින්ම අනුමත කරන ලද අතර පසුව 2016 දී, එහි අනුමත භාවිතය ගර්භණී සති 10 දක්වා දීර්ඝ කරන ලදී. FDA, American College of Obstetrics and Gynecologists (ACOG) සහ අනෙකුත් ප්‍රධාන ධාරාවේ වෛද්‍ය සංවිධාන පවසන්නේ මයිෆෙප්‍රිස්ටෝන් භාවිතය සඳහා ආරක්ෂිත බවයි.

මැතිව් කැස්මරික්ගේ තීන්දුවෙන් පැයකට පසු වොෂින්ටන් ප්‍රාන්තයේ තවත් ෆෙඩරල් විනිසුරුවරයෙකු වන බොබ් ෆර්ගියුසන් පිටු 31 ක වාරණ නියෝගයක් නිකුත් කරමින් ආහාර හා ඖෂධ පරිපාලනට කියා සිටියේ ඩිමොක්‍රටික් පාලනය කරන ප්‍රාන්තවල ඖෂධ වෙළඳපොලේ මයිෆෙප්‍රිස්ටෝන් තැබිය යුතු බවයි. බොහෝ කාන්තාවන් මෙය දක්වනු ලැබුවේ මෙය තමාලද විශාල ජයග්‍රහණයක් වශයෙනි.

බොහෝ විශ්ලේෂකයන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මයිෆෙප්‍රිස්ටෝන් භාවිතය සඳහා වන තීන්දුව එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා දුරදිග යාමට ඉඩ ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි