×

සිරියාවේ හමුදා බස් රථයක් පිපිරීමෙන් සොල්දාදුවන් 18 දෙනෙකු මරුට

යුද්ධය විසින් සිරියාව පාලන කලාපවලට බෙදා ඇති අතර, ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ හමුදා සහ මිත්‍ර සටන්කරුවන් විසින් මේ වන විට බොහෝ ප්‍රදේශ පාලනය කරනු ලබයි.


ලෙබනන් අගනුවර වන බීරූට් වෙත දිවෙන අධිවේගී මාර්ගයේ ඩැමස්කස් හි ගම්බද ප්‍රදේශයක් වන අල්-සබුරා අසල බස් රථයක් මත බෝම්බයක් පුපුරා යාමෙන් අවම වශයෙන් සොල්දාදුවන් 18 දෙනෙකු මිය ගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් සංඛ්‍යාව 27දක්වා ඉහළ ගොස් ඇති බව ඉරානයේ රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.


රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය (SANA) මේ පිළිබඳව වාර්තා කර තිබුණේ මෙය හමුදා බස් රථය ඉලක්ක කරගත් ත්‍රස්තවාදී පිපුරුමක් බවයි. කෙසේ නමුත් ප්‍රහාරයේ වගකීම කිසිවෙකු මේ වන තෙක් භාරගෙන නොමැත.


පසුගිය ජූනි මාසයේ මේ හා සමාන ප්‍රහාරයක් (ISIS) සන්නද්ධ කණ්ඩායම විසින් උතුරු රක්කා පළාතේ හමුදා බස් රථ ඉලක්ක කරගෙන එල්ල කළ අතර එමඟින් සොල්දාදුවන් 13 දෙනෙකු මිය ගියහ. ආණ්ඩුව විසින් රට තුළ ආණ්ඩු විරෝධතාවයන් ඉතා කුරිරු ලෙස මර්දනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යුද්ධය විසින් සිරියාව පාලන කලාපවලට බෙදා ඇති අතර, ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ හමුදා සහ මිත්‍ර සටන්කරුවන් විසින් මේ වන විට බොහෝ ප්‍රදේශ පාලනය කරනු ලබයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි