×

Titan ඔබට සුභ ගමන්!

අත්ලාන්තික් සාගර පතුළෙහි පිහිටි ටයිටැනික් නෞකාවේ විනාශයට පත් සුන්බුන් සොයා ගිය Titan හි අවසානය පිළිබඳ ශෝකාන්ත පුවත මීට සුළු මොහොතකට පෙර නිශ්චිතවම තහවුරු විය. එය හදිසියේ සිදුවූ හදිසි පිපිරීමක් (implosion) බව පැවසීය. ටයිටැනික් නෞකාව ගවේෂණය කරමින් සිටි OceanGate මව් සමාගමට අයත් සබ්මැරීනය පසුගිය ඉරිදා(18)දින අතුරුදන් වීමත් සමඟ මේ දක්වා සෝදිසි මෙහෙයුම් සිදු කෙරිණි. පස් දෙනෙකුගෙන් […]


අත්ලාන්තික් සාගර පතුළෙහි පිහිටි ටයිටැනික් නෞකාවේ විනාශයට පත් සුන්බුන් සොයා ගිය Titan හි අවසානය පිළිබඳ ශෝකාන්ත පුවත මීට සුළු මොහොතකට පෙර නිශ්චිතවම තහවුරු විය.

එය හදිසියේ සිදුවූ හදිසි පිපිරීමක් (implosion) බව පැවසීය.

ටයිටැනික් නෞකාව ගවේෂණය කරමින් සිටි OceanGate මව් සමාගමට අයත් සබ්මැරීනය පසුගිය ඉරිදා(18)දින අතුරුදන් වීමත් සමඟ මේ දක්වා සෝදිසි මෙහෙයුම් සිදු කෙරිණි.

පස් දෙනෙකුගෙන් සමන්විතව ගමන් ගත් මෙම සබ්මැරීනය මේ වන විට විනාශයට පත් ව එහි සිටි අයවලුන් ද විනාශයට පත්ව ඇති බවට වාර්තා වේ.

පකිස්ථාන්-ඇමෙරිකානු ව්‍යාපාරික Shahzada Dawood සහ ඔහුගේ 19 හැවිරිදි පුත් සුලේමාන්, බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකෝටිපති Hamish Harding, Paul-Henri Gargeolet, 77 හැවිරිදි ප්‍රංශ ගවේෂකයෙකු සහ එක්සත් ජනපදය පදනම් කරගත් OceanGate Expeditions හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Stockton Rush එහි සිටි අයවලුන් වේ.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි