×

මාර්තු 07වන දා පැහැරගනු ලැබූ නයිජීරියානු සිසුන් 137ක් නිදහස් කෙරේ

2014 වසරේ සිට මේ දක්වා ළමුන් 1400ක් පමණ පැහැරගෙන ගොස් ඇති අතර මේ වනතෙක් එය නවතා දැමීමට ජනාධිපති බොලා ටිනුබුගේ රජයට නොහැකි වී ඇත.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 24,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මාර්තු 07වන දින සන්නද්ධ කණ්ඩායම් විසින් නයිජීරියාවේ කුරිගාහිදී පැහැරගනු ලැබූ සිසුන් 137 දෙනෙකු නිදහස් කර ඇති බව රජයේ ප්‍රකාශක අබ්දුල්අසීස් අබ්දුල්අසීස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

2021 න් පසු නයිජීරියාවේ සිදු වූ පළමු සමූහ පැහැර ගැනීම මෙය වන අතර වින්දිතයන් නිදහස් කිරීමට කප්පම් වශයෙන් නම් නයිරා බිලියන 1 ක් (ඩොලර් 680,000) ඉල්ලා සිටි අතර දින 20 ක් ඇතුළත ගෙවීම් නොකළහොත් වින්දිතයින් මරා දමන බවට දිවුරුම් දී තිබිණි. එනමුත් කුමන හෝ හේතුවක් මත මෙවර කප්පම් ලබා දීමට දින කිහිපයකට පෙර පැහැරගනු පිරිස නිදහන් කර තිබිණි.

ප්‍රාන්තයේ ආණ්ඩුකාර උබා සානි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජාතික ආරක්ෂක උපදේශක විසින් සම්බන්ධීකරණය කරන ලද ආරක්ෂක මෙහෙයුම් වලින් පසුව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට සමත් වූ බවයි.

කාලයක පටන් නයිජීරියාවේ සන්නද්ධ කණ්ඩායම් විසින් පාසල් සිසුන්, ගම්වැසියන් සහ සංචාරකයින් කප්පම් ලබා ගැනීම සඳහා පැහැරගෙන යාම සාමාන්‍ය දෙයක් වී ඇති අතර අනතුරුව ඔවුන් නිදහස් කර ගැනීම සඳහා ඉඩම්, ගවයන් සහ ධාන්‍ය ලබා දෙන ලෙස බලකරයි.

කෙසේ නමුත්, 2014 වසරේ සිට මේ දක්වා ළමුන් 1400ක් පමණ පැහැරගෙන ගොස් ඇති අතර මේ වනතෙක් එය නවතා දැමීමට ජනාධිපති බොලා ටිනුබුගේ රජයට නොහැකි වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි