×

සංවර්ධනය වෙමින් පවතින රටවල් 50කට වැඩි ප්‍රමාණයක් බංකොලොත් වීමේ අවධානමක- UN

ණය පැහැරහැරීම් හා රටවල් බංකොලොත් තත්වයට පත්වීම්, මෙන්ම ආන්තික කාලගුණයෙන් රටවල් වලට සිදුවන බලපෑම්, දේශගුණික අර්බුදයන් තවත් උග්‍ර කරමින් සිටින බවට ඔහු අනතුරු ඇඟවීය.


එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට(Cop27) ඊයේ(10) දිනයේදී සම්බන්ධ වෙනමින්, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංවර්ධන ප්‍රධානී Achim Steiner සිය දේශනය තුළ ප්‍රකාශ කර තිබුණේ උද්ධමනය, බලශක්ති අර්බුදය සහ ඉහළ යන පොලී අනුපාත හේතුවෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවල් 54 පමණ ඔවුන්ගේ ණය පැහැර හැරීමේ අනතුරකට ලක්ව ඇති බව හා බංකොලොත්වීමේ අවධානමකට ලක්ව ඇති බවයි.


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වන විට පවතින සිවිල් තත්වය නිදසුනක් ලෙස ගනිමින් එක්සත් ජාතීන්ගේ ගෝලීය සංවර්ධන ප්‍රධානී සඳහන් කර තිබුණේ, ලෝකයේ ධනවත් රටවල් විසින් ස්වභාවික ආපදා වෙනුවෙන් සිදුවන හානීන්ට ආධාර ලබා නොදෙන්නේ නම් ඔවුන් ණය පැහැර හැරීමට අමතරව, ඔවුන්ගේ ජනතාවට විනාශකාරී බලපෑම් ඇති කළ හැකි කොන්දේසි නිර්මානය කරමින් සිටින බවයි.


මෙලෙස සිදුවන ණය පැහැරහැරීම් හා රටවල් බංකොලොත් තත්වයට පත්වීම්, මෙන්ම ආන්තික කාලගුණයෙන් රටවල් වලට සිදුවන බලපෑම්, දේශගුණික අර්බුදයන් තවත් උග්‍ර කරමින් සිටින බවට ඔහු අනතුරු ඇඟවීය.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ගෝලීය සංවර්ධන ප්‍රධානී මෙහිදී යෝජනා කර තිබුණේ සංවර්ධනය වෙමින් පවතින රටවල් ණය බරින් මුදවා දේශගුණික ගැටලු විසඳීම වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට සංවර්ධිත රටවල් කටයුතු කරන්නේ නම් එය වඩාත් ප්‍රායෝගික වන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි