×

වැඩිම හොර ඡන්ද ගණනක් දැමූ ලෝකයේ ලොකුම මැතිවරණ ප්‍රෝඩාව

ජනාධිපතිවරණ, මහ මැතිවරණවලදී මැතිවරණ වංචාවන් සිදුකිරීම ලෝකයට අලුත් දෙයක් නොවේ.


ලෝක ඉතිහාසයේ ප්‍රෝඩාකාරී ම මැතිවරණය ලෙස සැලකෙන්නේ 1927 වසරේ ලයිබීරියාවේ පැවැත්වූ මහ මැතිවරණයයි. එය ගිනස් ලෝක වාර්තාවක් පවා තබා ඇත.

මේ ඒ පිළිබඳ කෙටි විස්තරයකි.

1927 වසර වන විට ලයිබීරියාවේ තෙවන වරටත් ජනාධිපති බවට පත්ව සිටියේ චාල්ස් ඩී.බී. කිං Charles D. B. King ය. ඔහු නියෝජනය කළ පක්ෂය වූයේ තෘෘ විග් පක්ෂය (True Whig Party) යි. 1904-1912 අතර කාලයේ ලයිබීරියාවේ නීතිපතිවරයා වශයෙන් කටයුතු කළේ ද ඔහු ය.

අධික බල කාමියෙකු වූ චාල්ස් ඩී.බී. කිං, මෙසේ තෙවන වරට ජයගත්තේ තෝමස් ජේ. ෆෝක්නර් (ජනතා පක්ෂය නියෝජනය කළ) පරදවමිනි.

මේ අතර 1927 මැයි 3 දා පැවැත්වූ මහ මැතිවරණය, ඉතිහාසයේ එදා මෙදාතුර පැවැත්වූ , වැඩිම මැතිවරණ වංචාවන් සහිත එනම් the most rigged ever මැතිවරණය ලෙස හැඳින්වේ. the most rigged ever යන යෙදුම ලෝක ශබ්ද කෝෂයට එක්වීම ද මේ සමග සිදු වේ. මේ යෙදුම නිර්මාණය කරන්නේ එවකට ලයිබීරියාවේ සිටි මැතිවරණ කොමිසමේ ප්‍රධානියා වන ෆ්‍රැන්සිස් ජොන්සන් මොරිස් විසිනි.

the most fraudulent election ever reported in history – ඉතිහාසයේ පැවැත්වුණු වඩාත්ම ප්‍රෝඩාකාරී මැතිවරණය යනුවෙන් එය ඒ වසරේ ගිනස් වාර්තා පොතට ද එක් වෙයි.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වූ විට දැකගත හැකි වූයේ අපභ්‍රංස ප්‍රතිඵලයකි. ඒ වසරේ ලයිබීරියාවේ ලියාපදිංචි ඡන්ද දායකයන් ගණන 15,000 ක් වූ අතර, ජනාධිපති චාල්ස් ඩී.බී. කිංගේ පක්ෂය ඡන්ද 243,000 ක් ලබාගෙන තිබුණේය!

ප්‍රතිවාදී ෆෝක්නර්ගේ පක්ෂය ලබාගෙන තිබුණේ ඡන්ද 9000 ක් පමණි.

චාල්ස් ඩී.බී. කිං

ඡන්ද ප්‍රතිඵලය

CandidatePartyVotes%
Charles D. B. KingTrue Whig Party243,000 (falsified)96.43
Thomas J. FaulknerPeople’s Party9,0003.5
Total
252,000

මූලාශ්‍රය – විකිපීඩියා

ඉන්පසු සිදුවූයේ කුමක්ද?

1930 දෙසැම්බර් මාසය වන තෙක්ම එම ආණ්ඩුව අර්බුද මධ්‍යෙය් පවත්වාගෙන යනු ලැබිණි. වහල් ශ්‍රමය රට තුළ යොදාගැනීම සම්බන්ධයෙන් පැරදුණු ෆෝල්කන්, චාල්ස් කිං ට විරුද්ධව ඇමරිකාව ප්‍රමුඛ රටවල විශාල විරෝධයක් ගොඩනැංවීමට සමත් විය. අවසානයේ දෝෂාභියෝගයක් ගෙන ආ විගසම ඔහු ඉල්ලා අස්විය. 1931 වසරේ පැවැත්වූ මැතිවරණයෙන් ද ෆෝල්කන් ජය ගත්තේ නැත. මේ අතර චාල්ස් ඩී.බී. කිං ගේ තෘෘ විග් පක්ෂය ලයිබීරියාව 1980 වසර දක්වාම රට පාලනය කළේය.




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි