ඉතාලියේ එට්නා ගිනි කන්ද පුපුරා යයි
එට්නාහි අවසාන විශාල පිපිරීම සිදුව ඇත්තේ 1992 දී ය.
ඉතාලියේ එට්නා කන්ද පුපුරා යාමත් සමග සිසිලියේ කැටානියා ගුවන් තොටුපලේ ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බව වාර්තා වේ.
මීටර් 3,330 ක් උස ගිනි කන්ද පසුගිය ඉරිදා රාත්‍රියේ සක්‍රිය වූ අතර මධ්‍යධරණී දූපතට ඉහළින් ලාවා සහ අළු දුමාරයක් දක්නට ලැබෙන බවයි රොයිටර් සහ ප්‍රංශ ප්‍රෙස් ඒජන්සි වාර්තා කර තිබෙන්නේ. එට්නා යනු යුරෝපයේ උසම ක්‍රියාකාරී ගිනි කන්ද වන අතර පසුගිය වසර 500,000 තුළ නිතර නිතර පුපුරා ගොස් ඇත. එට්නාහි අවසාන විශාල පිපිරීම සිදුව ඇත්තේ 1992 දී ය.
කැටානියා නගරාධිපති එන්රිකෝ ට්‍රැන්ටිනෝ නගරයේ යතුරුපැදි සහ බයිසිකල් භාවිතය පැය 48කට තහනම් කර ඇති අතර බොහෝ වීදි අළුවලින් වැසී තිබූ හෙයින් පැයට කිලෝමීටර 30 (පැයට සැතපුම් 19) ට වඩා වේගයෙන් මෝටර් රථ ධාවනය නොකරන ලෙසද නියෝග කර ඇත.
සශිකලා මධුෂාණි