×

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය හා ටියානන්මෙන් ජන සංහාරය!

මෙම විරෝධතා චීන මහජන සමූහාණ්ඩුව පුරා නගර 400 ක විහිදී ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රට තුළ යුධ නීතිය ප්‍රකාශයට පත්කරමින් දහස් ගණනක් විරෝධතාකරුවන් ඝාතනය කිරීමට චීන රජය කටයුතු කරන ලදී.


මීට දින කිහිපයකට ඉහත එක්සත් ජනපදයේ මිනියාපොලිස් හි පොලිස් වධහිංසනයෙන් ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතික තරුණයා ජාත්‍යන්තරය තුළ ප්‍රභල කතිකාවක් ඇති කිරීමට සමත් ව තිබේ.

පොලිස් වධහිංසනයෙන් ද ඔබ්බට ම්ලේච්ඡ වර්ගවාදී ක්‍රියාවක් බවට අර්තකථනය වී ඇති මෙම ඝාතනය සමස්ත එක්සත් ජනපදයම නොසන්සුන්තාවට පත් කිරීමට ගතවූයේ නිමේෂයකි.

මේ පිළිබඳ කතිකාව වඩාත් උත්සන්න වූයේ ඇමරිකාවේ ජනපතිවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් දැරි ආකල්ප පෙරදැරි කරගෙන වන අතර, මෙය රට තුළ උග්‍ර දේශපාලන අස්ථාවරභාවයක් ඇතිකරලීමට සමත්ව තිබේ.

සැකෙන් ඔබ්බට මනුෂ්‍ය ඝාතනයක් යැයි නිර්වචනය කළ හැකි මෙම සිදුවීම විවිධ පාර්ශව සාධාරිණීකරණය කිරිමට තැත් කිරීමත්, ඒ තුළ දක්ෂිණාංශික හා වාමාංශික මත ගැටුම වඩ වඩාත් තීව්‍ර වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

මෙම සිදුවීමට අදාළව ඇමරිකාවේ ජනාධිපතිවරයා ට එල්ල වූ ප්‍රභලතම චෝදනාව වූයේ මෙම කුරිරු මිනිස් ඝාතනය ට එදිරිව දියත් කළ උද්ඝෝෂණ මර්දනය කිරීමට ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකාවේ සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් මහතා ප්‍රකාශයක් සිදුකොට තිබේ.

සිය ප්‍රකාශය තුළින් සැන්ඩර්ස් මහතා ෆ්ලොයිඩ් ඝාතනයට එදිරි විරෝධතා ව්‍යාපාර මර්දනය කිරීම 1989 වර්ෂයේ චීනයේ ටියානන්මෙන් චතුරස්‍රයේ සිදුවූ ජන සංහාරය හා සසඳා තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් වර්ගවාද විරෝධී ව්‍යාපාර මර්දනය ටියානන්මෙන් චතුරස්‍රය අසළදී චීන රජය විසින් හමුදා බලය යොදවා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා දියත් කළ විරෝධතා ව්‍යාපාරයට මරුපහරක් එල්ල කරමින් සිදුකළ සාහසික මනුශ්‍ය ඝාතන හා සමාන වන බවයි.

ඒ තුළින්, විරෝධතාකරුවන්ගේ පාර්ශවයට සහාය පළ කිරීමට ද සැන්ඩර්ස් මහතා කටයුතු කර තිබේ.

“ප්‍රජාතන්ත්‍රවාදී උදෙසා කටයුතු කළ විරෝධතාකරුවන් මර්දනය කරන ලෙස චීන රජය හමුදාවට නියෝග කළ 1989 ටියානන්මෙන් චතුරශ්‍ර සංහාරය අද අපට සිහිපත් වේ.

ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය සහ ගෞරවය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයින් වෙනුවෙන් අප පෙනී සිටිය යුතු අතර, එම සාරධර්ම මෙහි දී පුරුදු කොට ආරක්ෂා කළ යුතුය.”

සැන්ඩර්ස් මහතා ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේය.

1989 අපේ‍්‍රල් මස දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඉල්ලා බීජිං ශිෂ්‍යයන්ගේ ස්වාධීන සම්මේලනය, බීජිං කම්කරු ස්වාධීන සම්මේලනය සහ චීන ජනරජයේ (තායිවානය) හිතවාදීන් දහස් ගණනක් බීජිං හි ටියානන්මෙන් චතුරශ්‍රයට රැස් විය.

මෙම විරෝධතා චීන මහජන සමූහාණ්ඩුව පුරා නගර 400 ක විහිදී ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රට තුළ යුධ නීතිය ප්‍රකාශයට පත්කරමින් දහස් ගණනක් විරෝධතාකරුවන් ඝාතනය කිරීමට චීන රජය කටයුතු කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි