×

සෙලෙන්ස්කිගේ යුධ උන්මාදය හා නේටෝ-යුක්රේන කවුන්සිලය

ජත්‍යාලය මරා දැමීමෙන් පමනක් යුද්ධයක් නවතා දැමිය හැකිය.


නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්ගේ මූලිකත්වයෙන් දෙදින සාකච්ඡාවන් සඳහා ලිතුවේනියාවේ රැස් වූ නේටෝ සමුළුවේ මෙවර සාකච්ඡා කරන ලද මූලිකතම කරුණු අතර ප්‍රධාන වූයේ යුක්රේන යුද්ධයේ ඉදිරි ක්‍රියාකාරීත්වයයි.

මෙහිදී නේටෝ සමුළුවට යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ පැමිණීම සිදු වූ අතර මෙහිදී ඔහු යුක්රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම වෙනුවෙන් ඉල්ලීමක් කළ අතර එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ, රුසියානු හමුදා නැවත කිසි දිනෙක යුක්‍රේනියානු නිජබිම කොල්ලකෑමට ඉඩ නොතබන බවට සහතික කළ හැකි දිගුකාලීන සාමයකි.

නමුත් නේටෝ බලවතුන් ප්‍රකාශ කර තිබුණේ, යුක්රේනයේ යුද්ධයක් පවතින බැවින් ගැටුම අතරතුර එයට සම්බන්ධ විය නොහැකි බවත් මිතුරන් එකඟ වන විට සහ කොන්දේසි සපුරා ඇති විට සාමාජිකයෙකු වීමට යුක්රේනයට ආරාධනා කරන බවයි.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබුණේ නේටෝවේ අරමුණු පැහැදිලි නොවන බව කියමින් මෙය විකාරයක් බව සෙලෙන්ස්කි ප්‍රකාශ කළ බවයි.


සෙලෙන්ස්කිගේ ඉල්ලීමට අනුව නේටෝ රටවල් යුක්රේනය සඳහා සිය සාමාජිකත්වය ලබා දෙන්නේ නම්, නේටෝ ප්‍රඥප්තියේ 5 වැනි වගන්තියට අනුව නේටෝ සාමාජිකත්වය ලබන සාමාජිකයෙකුට ප්‍රහාරයක් එල්ල වුවහොත් අනෙක් සියල්ලෝම එහි ආරක්ෂාවට පැමිණිය යුතුය. යුක්රේනය දැන් එක්වන්නේ නම්, නේටෝ රටවල්ද රුසියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමට සිදුවනු ඇත.

නමුත් ඒ වෙනුවෙන් නව සංවිධානයක් පිහිටුවීමටද කටයුතු කර තිබේ. එනම් කියෙව් සහ අත්ලාන්තික් සාගරයේ හමුදා සන්ධානය අතර සබඳතා වැඩිදියුණු කිරීම සඳහා නේටෝ-යුක්රේන කවුන්සිලය නමින් නව සංවිධානයක් පිහිටුවා තිබිණ.

මෙය කිසිදු රටක් වෙනුවෙන් මෙතෙක් නොලැබුණ අවස්ථාවක් වන අතර සන්ධානයේ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් මෙම කවුන්සිලය පිළිබඳව හඳුන්වා තිබුණේ, යුක්‍රේනයට සහ නේටෝවට සමාන ලෙස තීරණ ගත හැකි වේදිකාවක් ලෙසයි.

මෙතෙක් කලක් රුසියාවට එරෙහිව ආයුධ සපයමින් නේටෝ රටවල් ඇවිලෙන ගින්නට පිදුරු දැමූ අතර දැන් නේටෝ-යුක්රේන කවුන්සිලය මඟින් ඇවිලෙන ගින්නට පෙට්රල් දමන්නට ඔවුන්ට දැන් අවස්ථාව හිමි වේ.

එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් බෙන් වොලස් පැවසුවේ යුක්රේනය නේටෝවට අයත් බවට සංස්කෘතික පිළිගැනීමක් දැන් ඇති බව සමුළුවෙන් පෙන්නුම් කරන බවයි.

සමුළුවේ අවසාන දේශනයට සම්බන්ධ වෙමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ G7 බලවතුන් විසින් මෙවර යුක්රේනයට නවීන, උසස් හමුදා උපකරණ, දිගු දුර මිසයිල සහ යුධ ගුවන් යානා, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ සයිබර් තාක්‍ෂණයට උපකාර කිරීමට සහයෝගය ලබා දෙන බවත් යුක්රේනයේ අනාගතය නේටෝවේ බවත්ය.

කෙසේ නමුත්, මේ වන විට යුක්රේන යුද්ධය සමස්ත ලෝකයේම යුද්ධයක් බවට පත්ව ඇති අතර වයසකින්, වර්ණයකින්, රටකින් තොරව එහි බලපෑම සියලුම දෙනාට දැනෙමින් ඇත. රුසියාව සමඟ මහ බලවතුන්ට ඇති ඇරියස් කවර්කර ගන්නා රූකඩයක් බවට සෙලෙන්ස්කි පත්ව ඇති අතර ඔහු දෙන දෙන ඇම ගිලිමින් ඇත. ආයුධ ඇත්නම් යුද්ධ කිරීම ඔිනෑම අයෙකුට කළ හැකි අතර ජත්‍යාලය මරා දැමීමෙන් පමනක් යුද්ධයක් නවතා දැමිය හැකිය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි