×

සෑම දිනකම ගාසා තීරයේ ළමුන් 420 කට වැඩි පිරිසක් මිය යයි; නැතිනම් තුවාල ලබයි – යුනිසෙෆ්

සටහන – සශිකලා මධුෂාණී ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෑම දිනකම ගාසා තීරයේ ළමුන් 420 කට වැඩි පිරිසක් මිය යන බව හෝ තුවාල ලබන බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියේ (යුනිසෙෆ්) සංවිධානය ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂ කැතරින් රසල් සඳුදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් පැවසූයේ දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය හද කම්පා කරවන බවයි. පලස්තීනයේ ප්‍රදේශයේ […]


සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෑම දිනකම ගාසා තීරයේ ළමුන් 420 කට වැඩි පිරිසක් මිය යන බව හෝ තුවාල ලබන බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියේ (යුනිසෙෆ්) සංවිධානය ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂ කැතරින් රසල් සඳුදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් පැවසූයේ දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය හද කම්පා කරවන බවයි.

පලස්තීනයේ ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඔක්තෝබර් 7 සිට ගාසා තීරයේ පලස්තීන ළමුන් 3,400 කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇති අතර ළමුන් 6,300 කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇති අතර,
නැගෙනහිර ජෙරුසලම ඇතුළු වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ අවම වශයෙන් ළමුන් 37 දෙනෙකුවත් මරා දමා තිබේ. මේ වන විට ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 8000 ඉක්මවා ඇති අතර ඉන් 70%ක් දරුවන් වේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සියේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබුණේ. ගාසා තීරයේ සිදුවන විනාශයේ මට්ටම පෙර නොවූ විරූ එකක් බවත්, එම මානව ඛේදවාචකය දරාගත නොහැකි බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි