×

තෙවතාවක් සොරකම් කළ, ලෝක පාපන්දු කුසලානයේ ඉතිහාසය.

මෙම ජුලියස් රෙමෙට් කුසලානය රැක ගැනීම පහසු කාර්යයක් නොවීය . දෙවන ලෝක යුද්ධය සමයේදී එය රැක ගැනීමට බළධාරීන්ට දැඩි වෙහෙසක් දරන්නට සිදු වූයේ එය සපත්තු පෙටිටක සඟවා තැබීමෙනි.


පාපන්දු කුසලානයේ ඉතිහාසය

ප්‍රංශයේ ජයග්‍රහණයත් සමග මී ළඟ ෆිෆා ලෝක කුසලානය පැවැත්වෙන්නේ තවත් වසර 4කට පසුයි. නමුත් පාපන්දු කියන්නේ ක්‍රිකට් වගේම හැමදිමත් අපේ හිතේ රැඳුන ක්‍රීඩාවක්..

ඒ වගේමයි ෆිෆා කුසලානය.. ෆිෆා කුසලානයේ ඉතිහාසය ගැන රසවත් මෙන්ම දුක හිතෙන සිදුවීම් වලින්ද පිරුණ එකක්.මෙහි ආරම්භය ලෝක කුසලාන තරඟාවලියේ ඉතිහාසය තෙක්ම දිවෙයි. එනම් 1930 වර්ෂය දක්වාය.

ලොක පාපන්දු කුසලානය අද ෆිෆා කුසලානය ලෙස හැඳින්වුවද ඊට පෙර එය නම් දෙකකින් හඳුන්වනු ලැබීය. මුලින්ම එය හඳුන්වනු ලැබුවේ වික්ටරි Victory නමිනි. නමුත් පසුව එය මෙම අදිවීතීය ෆිෆා තරඟාවලියේ හී පුරෝගාමී වූ  ජූලියස් රෙමෙට් Jules Rimet Trophy හට උපහාර වශයෙන් ර්‍ජලියස් රිමෙටි කුසලානය ලෙස නම් කරන ලදී.

ජූලියස් රෙමෙට් කුසලානයේ ආකෘතිය වත්මන් ෆිෆා කුසලානයට වඩා වෙනස් එකකි. එවකට එහි බර කිලෝ ග්‍රෑම් 3.8ක් වූ අතර උස සෙ.මී 35ක් විය. එවකට එය රන් ආලේපිත පිරිසිදු රිදියෙන් නිර්මාණය කර තිබිණි. 1970 වන තෙක්ම මෙම රිදී ජුල්ස් රෙමෙට් කුසලානය ලෝක කුසලාන ජයග්‍රාහකයන් වෙත හිමි විය. 1930 වසර සිට 1970 දක්වා ලෝක පාපන්දු තරඟාවලියේ සියළු ශූරයන්ගේ කණ්ඩායම් නාමයන් මෙම කුසලානයේ පතුලේ ඇති රන් තහඩුවේ සටහන් කර තිබිණි.

ලොව ප්‍රථම වතාවට පාපන්දු කුසලානය හිමිකර ගන්නේ උරුගුවේ විසිනි.

මෙම ජුලියස් රෙමෙට් කුසලානය රැක ගැනීම පහසු කාර්යක් නොවීය . දෙවන ලෝක යුද්ධය සමයේදී එය රැක ගැනීමට බළධාරීන්ට දැඩි වෙහෙසක් දරන්නට සිදු විය‍

මුල් වතාවට 1938 දී ඉතාලිය විසින් හිමිකරගෙන තිබූ ජූල්ස් රෙමෙටි කුසලානය නාසි හමුදාවෙන් බේරා ගැනීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ උප සභාපති වරයකුව සිටි ඉතාලි ජාතික අචාර්ය ඔටෝරීනෝ බරාසි එය සපත්තු පෙට්ටියක සඟවා තැබීය.

1966 වසරේදී කුසලානයේ හිමිකරු එංගලන්තය වූ අතර එංගලන්තයේ වෙස්ටිමින්ස්ටර් සෙන්ට්‍රල් හෝල් හීදී පැවති ප්‍රදර්ශනයක දී නැවතත් එය කිසිවෙක් විසින් පැහැර ගන්නා ලදී. එය සොයකෙරන ලද මෙහෙයුමේදී නැති වී දින 7කට පසු Picklesනැමති සුනඛයා විසින් දකුණු ලණ්ඩනයේ උද්‍යානයක වළලා තිබියදී එය සොයා ගන්නා ලදී.

ඉන් පසු ප්‍රදර්ශන වලදී තැබීම සඳහා එහි ආකෘතියක් සෑදීමට එංගලන්ත ය තීරණය කරන ලදී . නමුත්ෆිෆා බලධාරීන් ඊට විරුද්ධ වුවත් ඒ වන විට ප්‍රදර්ශනය කළ ආකෘතියද නැවත වතාවක් සොරකම් කරන ලද මුත් එය නැවතත් සොයා ගන්නා ලදී. ඉන් පසු එංගලන්තය එය වෙන්දේසි කළ අතර එහිදී එවැනි ආකෘතියක් තිබීම අනතුරු දායක බව දැනගත් ෆිෆා පාපන්දු සම්මේලනය ඒය විශාල මිලකට මිලදී ගත්තේ ඒ පවුම් 30000ක මුදලකටය‍

නමුත් ජුල්ස් රෙමිට් කුසලානය අදත් අපට දැක ගත නොහැකියි ඒ. නැවතත් එය කිසිවෙකු විසින් එය නැවත පැහැර ගැනීම හේතුවෙනි.

1970 වසරේ බ්‍රසීලය විසින් එක පිට තෙවතාවක් දිනා සිටි ජුල්ස් රෙමෙට් කුසලානය කිසිවෙක් විසින් 1983 වසරේදී සොරකම් කරන්නේය . එදා සිදු වූ ලෝක පාපන්දු කුසලාන සොරකම අදටත් අභිරහසක්ව පවතී. බ්‍රසීලයේ රයෝද ජෙනෙයිරෝවේ වෙඩි වදින කුටියක තබා තිබූ කුසලානය කිසිවෙක් විසින් සොරකම් කලේ කෙලෙසදැයි යන්න අදටද කිසිවෙක් නොදනී. එය අදටද සෙයො ගත නොහැකි වී ඇත‍ .

එසේ ලෝකයට අහිමි වූ ජුල්ස් රෙමෙට් සොයා ගත නොහැකි වීමත් සමග ලෝක පාපන්දු තරඟාවලියේ ජයග්‍රහකයන් වෙත ලබා දීමට අලුත් කුසලානයක් නිර්මාණය කිරීමට සිදු වන්නේය. අද දැකිය හැකි කුසලානය ෆිෆා නමින් නිර්මාණය වන්නේ ඒත් සමඟිනි.

සෙන්ටි මීටර් 36.8ක් උස මෙම ෆිෆා ලෝක පාපන්දු කුසලානය නිර්මාණය කර තිබෙන්නේ කැරට් 18 රත්රන් වලිනි. එහි බර ග්‍රෑම් 6175ක් එනම් කිලෝ 6ක් සහ ග්‍රෑම් 175ක් .
මෙහි දැක්වෙන්නේ මිනිසුන් දෙදෙනෙක් විසින් පෘථවිය ඔසවාගෙන සිටින ආකෘතියකි.

මෙම නව කුසලානය සඳහා නිර්මාණය කිරීමට ආකෘති 53 ක් ඉදිරිපත් විය. නමුත් අවසානයේ එය නිර්මාණ වුණේ ඉතාලි ජාතික මූර්ති ශිල්පියෙක් වන සිල්වියෝ ගැසානි විසින් ඉදිරිපත් කළ ආකෘතියට අනුවයි. ඔහුගේ ආකෘතියට අනුව ඉතාලියේ Stabilimento Artistico Bertoni ආයතනය විසින් අද පවතින කුසලානය නිර්මාණය කරනු ලැබීය. එදා පටන් අද වන තෙක් ෆිෆා කුසලානය ජයගත් කණ්ඩායම් සියල්ලේම නම් මෙම කුසලානයේ සටහන් කරනු ලබයි. 2038 වසර වන තෙක්ම ජයග්‍රාහකයන්ගේ නම් ලිවිය හැකි පරිදි වත්මන් ෆිෆා සම්මානය නිර්මානය කර ඇත‍

නමුත් කුසලානය ජයග්‍රාහී කණ්ඩායමට සිය සන්තකයේ තබා ගැනීමට අවසරයක් පසුවද ලැබුනේ නැත‍.


මේ වන විටත් ආර්ජන්ටිනාව, ජර්මනිය, හා බ‍්‍රසීලය යන රටවල කණ්ඩායම් මෙම කුසලානයේ දෙවරක් බැගින් තම නම සටහන් කර ගෙන තිබෙන අතර ප්‍රංශ යද මෙර සිය නම සටහන් කර ගනු ලැබුවේ දෙවන වතාවටයි.

මෙතෙක් ජයග්‍රාහකයන්

Jules Rimet Trophy

FIFA World Cup Trophy



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි