×

හමුදා කදවුරකට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් නයිජර් සොල්දාදුවන් 89ක් මරුට.

හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් සොල්දාදුවන් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු නයිජර් රජය දින තුනක් ජාතික ශෝකය ප්‍රකාශ කර ඇත.


හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් සොල්දාදුවන් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු නයිජර් රජය දින තුනක් ජාතික ශෝකය ප්‍රකාශ කර ඇත.

බ‍්‍රහස්පතින්දා මාලි දේශ සීමාවට නුදුරින් බටහිරින් චිනගොද්රා හි පිහිටි හමුදා මුරපොලකට දැඩි ලෙස ආයුධ සන්නද්ධ සටන්කාමීන් පහර දුන් බව රජයේ ප‍්‍රකාශක අබ්දුරාහම් සකාරි ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

වැටලීමෙන් මියගිය භටයින් වෙනුවෙන් රට ශෝක වන බව දක්වමින් නයිජර් ධජය රට පුරා අඩ කුඹු කර ප්‍රදර්ශනය කරනු ඇත.

ජනාධිපති මහමදූ ඉසුෆෝ වින්දිතයින්ගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කළ අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි