×

තමිල්නාඩු ප්‍රාන්තයේ දුම්රිය මැදිරියක ඇති වූ ගින්නක් හේතුවෙන් 9 දෙනෙකු මරුට

දිනකට මගීන් මිලියන 22ක් පමණ භාවිතා කරන ලොව විශාලතම දුම්රිය මාර්ග ජාලයක් වන ඉන්දියාවේ දුම්රිය අනතුරු සුලබව සිදුවේ.


දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරෙයි දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග මත වෙන් කර නවතා තිබූ දුම්රිය මැදිරියක හටගත් ගින්නක් හේතුවෙන් 9 දෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල ලබා ඇතිබව බලධාරීහු පවසති.

අද(26)අලුයම 5ත පමණ මෙම ගින්න හටගෙන ඇති අතර එය පැය දෙකක කාලයක් දැවී ඇති අතර එය නිවා දැමීමට ගිනි නිවන භටයින්ට හැකි ව තිබේ. ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට සැක කෙරෙන අතර ගින්න ඇති වන විට මැදිරිය තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳව දක්ෂිණ දුම්රිය දෙපාර්තමේන්තුව මෙතෙක් අනාවරණය කර නොමැත.

දිනකට මගීන් මිලියන 22ක් පමණ භාවිතා කරන ලොව විශාලතම දුම්රිය මාර්ග ජාලයක් වන ඉන්දියාවේ දුම්රිය අනතුරු සුලබව සිදුවේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි