×

ඉන්දියාවේ බැතිමතුන් ‍රැඟත් බස් රථයකට වෙඩි ප්‍රහාරයක්! 9 දෙනෙකු මරුට!

සටහන – පුන්සරා ලියනගේ ජූනි 10, (ලෝකය) අවුට්බවුන්ඩ් ටුඩේ : ඉන්දීය ෆෙඩරල් ප්‍රදේශයක් වන ජම්මු හිදී හින්දු බැතිමතුන් රැගත් බස් රථයකට සටන්කාමීන් යැයි සැක කරන පිරිසක් වෙඩි තැබීමෙන්, පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් බලධාරීහු පවසති. සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 10 ක් බව නිලධාරීන් මුලින් ප්‍රකාශ කළ නමුත් පසුව එම […]


සටහන – පුන්සරා ලියනගේ

ජූනි 10, (ලෝකය) අවුට්බවුන්ඩ් ටුඩේ :
ඉන්දීය ෆෙඩරල් ප්‍රදේශයක් වන ජම්මු හිදී හින්දු බැතිමතුන් රැගත් බස් රථයකට සටන්කාමීන් යැයි සැක කරන පිරිසක් වෙඩි තැබීමෙන්, පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් බලධාරීහු පවසති.

සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 10 ක් බව නිලධාරීන් මුලින් ප්‍රකාශ කළ නමුත් පසුව එම සංඛ්‍යාව සංශෝධනය කරන ලදී.

ප්‍රහාරයෙන් පසු රියදුරුට බස් රථය පාලනය කරගත නොහැකි වූ අතර, ජම්මු ප්‍රාන්තයේ රියාසි දිස්ත්‍රික්කයේ දී බස්රථය වතුරකට ඇද වැටුණු බව ඔවුහු පැවසූහ.

මුදාගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති අතර, ප්‍රහාරකයන් සොයා ඉන්දීය හමුදාව සහ පොලීසිය විසින් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි.




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි