×

ට්‍රම්ප්ට බය වූ නෝර්වේ රාජ්‍යය, Shithole යනුවෙන් රටේ නම වහාම වෙනස් කරයි!?

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ කීවේ, ‘‘අපේ රටවලට Shithole රටවල්වලින් (ගුද මාර්ගයේ රටවලින්) සංක්‍රමණිකයො එන්නෙ මොකද? අපේ රටට එන්න ඕනෙ නෝර්වේ, ස්වීඩන් වගේ රටවලින් එන අය..“


ට්‍රම්ප් ෂිට්හෝල් කන්ට්‍රීස් යනුවෙන් අදහස් කළේ අප්‍රිකානු හා ආසියානු රටවල් ය. මේ කියමන අසා නෝර්වේ රාජ්‍යය භීතියට පත්වීම සාධාරණ ය. ට්‍රම්ප් වැනි උන්මත්තකයෙක් තමන්ගේ රටෙන් මිනිස්සු ඉල්ලන බව අසා නෝර්වේ බලධාරීන් කළ යුතු දේ කුමක්දැයි සිතන්නට පටන් ගත්හ. අවසානයේ තීරණය වුණේ තමන්ගේ රටේ නම ‘Shithole‘ යනුවෙන් වෙනස් කරන්නට ය.

මුලින්ම මේ පුවත වාර්තා කළ Breaking Burgh නමැති බ්ලොග් අඩවිය මෙසේ සඳහන් කරයි. (ඔස්ලෝ, ෂිට්හෝල්) හයිටි සහ අප්‍රිකාවේ රටවල් ගණනාවක් ෂිට්හෝල් රටවල් යනුවෙන් ජනපති ට්‍රම්ප් සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයේන පසු, නෝර්වේ රාජ්‍යය, සිය රට නිල වශයෙන් නැවත නම් කිරීමේ පියවර වෙත ගමන් කර තිබේ. නෝර්වේ රාජ්‍යය මෙම පියවර ගෙන තිබෙන්නේ ට්‍රම්ප්ගේ එබඳු ප්‍රකාශ තමන් විසින් අනුමත නොකරන බව පෙන්වීමක් වශයෙනි. […] නෝර්වීජියානුවන් වන අප, අපේ රට ආමන්ත්‍රණය කරනු ලබන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් දක්වන දේශයක් නොවේ. ෂිට්හෝල් යනුවෙන් රට නැවත නම් කිරීමෙන් යහපත් පණිවුඩයක් ලොවට ලැබෙන්නේ නම්, එම ප්‍රගතිශීලී පියවර අනුගමනය කිරීමට අපි නොපැකිළෙන්නෙමු. “

නෝර්වේ රාජ්‍යය මේ කියන විදිහට තමන්ගේ රටේ නම වෙනස් කළා නම් එවිටවත් ට්‍රම්ප් නෝර්වේ රාජ්‍යය දෙස උකුසු ඇස යොමු කිරීම නතර කරනු ඇත.

Breaking Burgh යනු උපහාස රසයෙන් යුත් පුවත් පළකිරීම සම්බන්ධයෙන් නම් දරා ඇති බ්ලොග් අඩවියකි. එහි හැඳින්වීමේ ම සඳහන් වන්නේ බටහිර පෙන්සිල්වේනියා ජනපදයේ සිට ක්‍රියාත්මක වන එය, උපහාසාත්මක පුවත් එහි පළ කරන බව ය. ‘‘satirical blog serving Western Pennsylvania“ එනිසා ඉහත පළ වූ, නෝර්වේ රාජ්‍යය සිය නම වෙනස් කරගත්තාය යන පුවත බොරුවකි. නෝර්වේ රාජ්‍යය, ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් ජීවත් වන රටකි. එහි ජීවන තත්වය ඉතා ඉහළ ය.

ඇමරිකාවට මෙම දර්ශකයේ 14 වන තැන හිමිවන විට නෝර්වේ රාජ්‍යයට හිමිවන්නේ අංක 1 ය. තවද ඇමරිකා එක්සත් ජනපදය දේශපාලන නිදහස ඇති රටවල් අතරින් අංක 45 ද, වැඩිම මාධ්‍ය නිදහසක් ඇති රටක් වශයෙන් අංක 43 ද හිමිකර ගන්නා විට නෝර්වේ රාජ්‍යය හිමිකරගන්නේ අංක 1 යි. ඒ නිසා ලෝකයේ අනර්ඝම රටේ ජීවත් වන මිනිසුන්ට ‘ට්‍රම්ප්ගේ ෂිට්හෝල් එකට‘ යන්නට කිසිම හේතුවක් නැත. කෙසේ නමුත් මේ සාවද්‍ය පුවතේ කදිම උපහාස රසයක් ගැබ් ව තිබේ.

එය නම්, යම් හෙයකින් නෝර්වේ රාජ්‍යය මේ කියන විදිහට තමන්ගේ රටේ නම වෙනස් කළා නම් එවිටවත් ට්‍රම්ප් නෝර්වේ රාජ්‍යය දෙස උකුසු ඇස යොමු කිරීම නතර කරනු ඇත. හීනෙන්වත් ඇමරිකාව, නෝර්වේ රාජ්‍යයක් බවට පත්කරන්නට ට්‍රම්ප්ට නොහැකි හෙයිනි, ඒ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි