×

ලෝකයේ න්‍යෂ්ටික ආයුධ කොපමණ තිබේද?

න්‍යෂ්ටික යුද්ධයක් අත ළඟ බවට අනතුරු ඇඟවෙන හැම විටම ලෝකය අසන ප්‍රශ්නය මෙයයි.


ලෝකයේ න්‍යෂ්ටික ආයුධ සමාජය -Nuclear Weapons Club

න්‍යෂ්ටික යුද්ධයක ආසන්නයටම ලෝකය පසුගිය වසරේ පැමිණි බව එක්සත් ජාතීන්ගේ නිරවිකරණ පර්යේෂණ ආයතනය (UNIDIR) පෙන්වා දුන්නේය. මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් අවුට්බවුන්ඩ් ටුඩේ හි පළ විය. 

මේ ලිපියෙන් විමසා බැලෙන්නේ ලෝකයේ න්‍යෂ්ටික ආයුධ ‘ක්ලබ් එකේ‘ සිටින රටවල්වල තත්වය පිළිබඳව ය. 

ලෝකය පළමු සහ එකම වතාව වශයෙන් න්‍යෂ්ටික ආයුධ යුද්ධයක් සඳහා සක්‍රිය ලෙස භාවිතා කර තිබෙන්නේ දෙවන ලෝක යුද්ධයේදී ය. එනම් ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදා විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට න්‍යෂ්ටික බෝම්බ හෙළන ලද අවස්ථාවයි. මේ අනුව දළ වශයෙන් මේ සිදුවීම හටගෙන මේ වන විට වසර 70 ක් ඉක්ම ගොස් තිබේ.

 ලෝකයේ න්‍යෂ්ටික ආයුධ ඇති රටවල්, න්‍යෂ්ටික ආයුධ සමාජය Nuclear Weapons Club යනුවෙන් හඳුන්වයි. පිළිගත් වාර්තා අනුව ලොව පුරා රටවල් 9 ක් සතුව න්‍යෂ්ටික ආයුධ ඇති බව සොයාගෙන ඇත. මෙම රටවල් එම ක්ලබ් එකේ සාමාජිකයන් ය. 

 එම රටවල් අතරින්, 

  • ඇමරිකා එක්සත් ජනපදය
  • එක්සත් රාජධානිය
  • රුසියාව
  • ප්‍රංශය
  • චීනය

යන රටවල් 5 මෙම ‘ක්ලබ් එකේ‘ නිල සාමාජිකයන් ය. මේ රටවල් අතීතයේ ද න්‍යෂ්ටික ආයුධ නිපදවූ රටවල් ය. නමුත් පසුකාලීනව, එනම් 1968 වසරේදී මේ රටවල් 5 ‘නිරවිකරණ සම්මුතිය‘ එනම් NPT අත්සන් කර නීත්‍යානුකූල න්‍යෂ්ටික අවි නිපදවන්නන් බවට පත්ව තිබේ. 

තමන්ගේම ක්‍රමයට න්‍යෂ්ටික අවි නිපදවන රටවල්

මේ අතර තවත් රටවල් 4 ක්, මේ මාතෘකාව ගැන කතා කරන විට අත් හළ නොහැකි රටවල් බවට පත්ව ඇත. ඒවා නම්, 

  • ඊශ්‍රායලය
  • ඉන්දියාව
  • පාකිස්ථානය
  • චීනය
  • යන රටවල් ය. 

මෙම රටවල් නිරවිකරණ සම්මුතිය ට අත්සන් කළේ නැත. නමුත් අතීතයේ පටන්ම න්‍යෂ්ටික අවි නිපදවීමේ යෙදී සිටියේය. සැබවින්ම ඔවුන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනයේ යෙදෙන්නේ ‘තමන්ගේ නීති‘වලට අනුව ය. 

ලෝකයේ දැන් න්‍යෂ්ටික අවි කොපමණ තිබේද?

ලෝකයේ න්‍යෂ්ටික අවි උපරිමයක් තිබූ වර්ෂය ලෙස සැලකෙන්නේ 1986 වසරයි. ඒ වන විට ලෝකයේ සක්‍රිය තත්වයේ, එසේත් නැතිනම් භාවිතා කළ හැකි තත්වයේ න්‍යෂ්ටික අවි 70,300 ක් තිබු බවට ගණන් බලා තිබේ.

ඇමරිකාව සහ පැරණි සෝවියට් දේශය අතර පැවති ශීතල යුද්ධය මෙම න්‍යෂ්ටික අවි නිපදවීමේ තරගය සඳහා තීව්‍ර බලපෑමක් ඇති කළ බව නොරහසකි. 

අද වන විට ලෝකයේ න්‍යෂ්ටික අවි කොපමණ තිබේද යන්න ඉතා සංකීර්ණ ප්‍රශ්නයකි.

උදාහරණයක් වශයෙන් ලොව පුරා න්‍යෂ්ටික යුද්ධයක භීතිකාව පතුරුවන උතුරු කොරියාව, න්‍යෂ්ටික ආයුධ සමාජයේ සාමාජිකයෙකු නොවන බව මේ වන විටත් ඔබට පෙනී ගොස් ඇත. එසේම උතුරු කොරියාව සතුව කොපමණ න්‍යෂ්ටික අවි තිබේද යන්න ද කිසිවෙකු දන්නේ නැත. ඒ අනුව සත්‍ය න්‍යෂ්ටික අවි ප්‍රමාණය අපට ගණනය කළ හැක්කේ දළ වශයෙන් පමණි. 


සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන ආකාරයට ලෝකයේ මේ වන විට න්‍යෂ්ටික ආයුධ 14,500 ක් පමණ තිබේ.

නමුත් ඒවා පෙර කී න්‍යෂ්ටික සමාජයේ රටවල් 9 විසින් නිපදවා ඇති ආයුධ ගණන පමණක් බව අමතක නොකරන්න. 

ඉරානය ද න්‍යෂ්ටික ආයුධ සමාජයේ සාමාජිකයෙක් නොවේ. නමුත් ඉරානය ද ඇමරිකාවට ප්‍රසිද්ධියේ සතුරුකම් පාමින් න්‍යෂ්ටික ආයුධ නිපදවමින් සිටියි. තමන් න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් වන බවත්, නුදුරේදීම තවත් න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වල නියැළීමට තමන් අදහස් කරන බවත් ඔවුන් පවසා තිබේ. 

න්‍යෂ්ටික ආයුධ තහනම් කිරීමේ සම්මුතිය පුස්සක් වූ හැටි 

2017 ජූලි මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය (UNO) න්‍යෂ්ටික ආයුධ තහනම් කිරීමේ (නිරවිකරණ) සම්මුතිය ගෙන ආවේ ලෝකයේ රටවල් 122 ක සහයෝගය ඇතිව ය. නමුත් මෙය නීත්‍යානුකූල ලෙස බලාත්මක වීමට නම් රාජ්‍යයන් 50 ක් විසින් එය අපරානුමිත කිරීම (සිය රට තුළ නීතියක් බවට පත් කර ගැනීම හෙවත් දේශීය නීතියේ කොටසක් බවට එය පත් කර ගැනීම) අත්‍යාවශ්‍ය වේ. නමුත් මේ දක්වා එසේ කර තිබෙන්නේ රාජ්‍යයන් 23 ක් පමණි. 

එම රාජ්‍යයන් 23 ට දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රියාව, තායිලන්තය, වියට්නාමය සහ මෙක්සිකෝව අයත් ය. 

එයට තරයේ විරුද්ධ වූ රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව සිටින බව අමතක නොකරන්න. මේ රටවල් දෙකම, පෙර කී න්‍යෂ්ටික සමාජයේ බලවත්ම සාමාජිකයන් ය. 

කෙසේ නමුත් රාජ්‍යයන් 23 ක් එය අපරානුමිත නොකිරීමේ ප්‍රතිඵලය ලෙසට මේ වන විට 2017 නිරවිකරණ සම්මුතිය පුස්සක් බවට පත් ව තිබේ.

 Sources: UK Guardian, Vox News, Reuters



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි