×

ලොව පුරා කොරෝනා රෝගීන් 1321ක්, චීනයේදී මියගිය සංඛ්‍යාව 41ක්, මිලියන 56කට චීනයෙන් තහංචි

බලධාරීන් විසින් බීජිං සහ අනෙකුත් නගරවල සෙනසුරාදාට යෙදෙන චන්ද්‍ර අළුත් අවුරුද්ද සනිටුහන් කරන බොහෝ ප්‍රසිද්ධ උත්සව සහ වෙනත් සිදුවීම් අවලංගු කරන අවලංගු කර දැමූ බවද නිවේදනය කරයි.


නව කොරෝනා වෛරසය වැළදුන රෝගීන් මේ වන විට චීනයට බාහිර රාජ්‍යයන් කිහිපයකදීම වාර්ථා වෙමින් පවතී. අද දිනය වන විට ලෝකය පුරා වාර්ථා වී තිබෙන රෝගීන් සංඛ්‍යාව 1321ක්.ඒ අතරින් මේ වන විට චීනයේ දී පමණක් මිය ගිය රෝගීන් සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් ඇත.

අල් ජසීරා පුවත් සේවයට අනුව ලොව පුරා කොරොන වෛරසය ආසාදනය වූ රෝගීන් අතරින් ජපානයේ රෝගීන් (2)ක් , තායිලන්තයේ රෝගීන් (5)ක්, දකුණු කොරියාවේ රෝගීන් (2)ක්, එක්සත් ජනපදයේ රෝගීන් (2)ක්, ඕස්ට්‍රේලියාවේ (1)ක්, ප්‍රංශය (3) දෙනෙකු , මැලේසියාවේ (3) ක්, සිංගප්පූරුවේ (3) දෙනෙක් , නේපාලයේ (1) රෝගියෙක් සහ වියට්නාමයේ රෝගීන් (2) ක් ලෙස වාර්ථා වේ.

මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යත්ම චීන ජාතික සෞඛ්‍ය කොමිසම අද සෙනසුරාදා නිවේදනය කළේ රට තුළ දුම්රිය, ගුවන් යානා සහ බස් රථවල මාරාන්තික වෛරසය ඇති බවට සැක කෙරෙන රෝගීන් හඳුනා ගැනීමට වහා පියවර ගනිමින් සිටික බවයි.

මේ අතර, මෙම මාරාන්තික වෛරසය ආසාදනය පිළිබඳ පළමු සිද්ධිය ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් අද (සෙනසුරාදා) තහවුරු කරන ලදී. මෙල්බර්න් හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය ජෙනී මිකාකොස් පැවසුවේ පසුගිය සතියේ චීනයෙන් ආපසු පැමිණි 50 හැවිරිදි වියේ පසුවන චීන ජාතිකයෙකු හට වයිරසය වැළඳී ඇති බවයි.

පුද්ගලයින් තිදෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බව මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ද අද නිවේදනය කළේය.

ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය නේපාලයේ වුහාන් සිට පැමිණි සිසුවෙකු සම්බන්ධව එක් සිදුවීමක් වාර්තා කරන ලදී. ඔහු ජනවාරි 5 වනදා නේපාලයට පැමිණ ජනවාරි 13 වන දින රෝහලට පැමිණ ඇති බව වාර්තා වේ.

ප්‍රංශය පසුගිය සිකුරාදා නිවේදනය කලේ සිය තුන් වන රෝගියාටද වෛරසය වැළඳී ඇති බවයි. එක්සත් ජනපදය සිය දෙවන සිදුවීමද අද වාර්ථා කරන ලදී,

මිලියන 56 ක ජනතාවක් ආවරණය වන පරිදි නගර 18 කට කිසිවෙකුටත් ඇතුළු වීම හෝ පිටවිය නොහැකි ලෙස දැනටමත් නීති පනවා ඇත.මෙම නීතිවලට පොදු ප්‍රවාහන සම්බන්ධතා වසා දැමීම සහ නගරවල මහාමාර්ගවලට පිවිසීම ඇතුළත් බව පළාත් පාලන ආයතන පවසයි.

බලධාරීන් විසින් බීජිං සහ අනෙකුත් චීන නගරවල සෙනසුරාදාට යෙදෙන චන්ද්‍ර අළුත් අවුරුද්ද සනිටුහන් කරන බොහෝ ප්‍රසිද්ධ උත්සව සහ වෙනත් සිදුවීම් අවලංගු කරන අවලංගු කර දැමූ බවද නිවෙදනය කරයි.

කෙසේ වෙතත් මේ වන විට නගරයේ රෝහල් පුරා රෝගය වැළද ඇතැයි සැක කරන පුද්ගලයන්ගෙන් පිරී ඇති අතර ඒ හේතුවෙන් ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වී ඇත.
චීනය පවසන්නේ මෙම තත්ත්වයට මුහුණ දීම සදහා පෙබරවාරි 3 වන දා වන විට නව අංග සම්පූර්ණ රෝහලක් සදා නිම කරන බවයි.

මෙම රෝගී තත්ත්වයේ බරපතල බව මේ වන විටද ගැටළුවක්ව ඇති අතර 2002 -2003 වසරේ චීනය පුරා පැතිර ගිය සාර්ස් වෛරසය තරම් ඉක්මණින් හා අඛණ්ඩව මෙම රෝගයද පැතිර යනු ඇති දැයි යන්න තවමත් පැහැදිලි නැති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි