×

නිව් ජර්සිහි පිපිරීමකින් එක් අයෙකු මරුට

නිව් ජර්සිහි පොලිස් ප්‍රධානී රොබින් ස්මිත් පැවසුවේ සෙවීම් සහ ගලවා ගැනීමේ ප්‍රයත්නය දින කිහිපයක් පුරා දියත්විය හැකි බවයි.


නිව් ජර්සි ප්‍රාන්තයේ ශාන්ත හෙලියර් ප්‍රදේශයේ මහල් නිවාසයක සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බව වාර්ථා වේ. පිපිරීම හේතුවෙන් 12 දෙනෙකු අතුරුදන්ව ඇත.


නිව් ජර්සිහි පොලිස් ප්‍රධානී රොබින් ස්මිත් පැවසුවේ සෙවීම් සහ ගලවා ගැනීමේ ප්‍රයත්නය දින කිහිපයක් පුරා දියත්විය හැකි බවයි. සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට හවුට් ඩු මොන්ට්, පියර් පාරේ හදිසි සේවා ස්ථාන අසල සෝදිසිකිරීම් ආරම්භ කර ඇත.


හදිසි සේවා අංශ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ වන විට ගින්න නිවා දමා ඇති මුත් එම ප්‍රදේශයට යාමෙන් වලකින ලෙසයි. මෙම පිපිරීමති සමඟ ශාන්ත හෙලියර් හි පියර් පාර, පියර් පාර රථගාල සහ සවුත් හිල් ඇතුළුව විශාල ප්‍රදේශයක් වසා දමා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි